බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ් - බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානීට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අත්හිටුවා ඇති බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් ඇතුළත් බව පොලිසිය පැවසීය.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කරන ලදී.
ඉන් අනතුරුව, අදාළ සැකකාරිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.