රාජ්‍ය අංශයට අලුත් වැඩපිළිවෙලක්

Report

රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management - RBM) ශක්තිමත් කිරීම සඳහා රජය විසින් නව "අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්" හඳුන්වා දී ඇත.

මෙම "අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්" වැඩපිළිවෙළ අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගනිමින් 2025 සිට 2029 දක්වා කාලය ආවරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වනු ඇත.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගත්තා ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගත්තා ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සියලුම සංවර්ධන ඉලක්ක නිශ්චිත කාල රාමු තුළ දී අවසන් කිරීමටත් අමාත්‍යාංශ හරහා කාර්යක්ෂමතාව, වගවීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමටත් රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමෙන් රජයේ ආයෝජන කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වැඩි කිරීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන හදුන්වා දී ඇත.

ඉහත කී අරමුණු මුල් කරගෙන මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය නිර්මාණය කර ඇත.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව මෙම නව ක්‍රමවේදය මඟින් එක් එක් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය උපායමාර්ගය මෙම ප්‍රතිඵල රාමුව සමඟ සෘජුවම ඒකාබද්ධ වේ.

අල්ලස් කොමිසමට සේවකයන් ගන්න යයි - බඳවා ගන්නේ මෙහෙමයි

අල්ලස් කොමිසමට සේවකයන් ගන්න යයි - බඳවා ගන්නේ මෙහෙමයි