අමෙරිකානු දැවැන්තම සංගීත රාත්‍රියේ සම්මාන බෙදීගිය හැටි මෙන්න - BTS රසිකයින් පිස්සු වැටෙයි

Report

අමෙරිකානු සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම රාත්‍රියක් ලෙස සැළකෙන අමෙරිකානු සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 52වැනි වරටයි

මෙම උත්සවය පවත්වා ඇත්තේ ලාස් වේගාස් නුවර පිහිටි MGM Grand Garden Arenaහිදීය ‍.

මෙම සම්මාන උළෙල ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත.

සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම සම්මාන උලෙළ සඳහා ලෝක ප්‍රසිද්ධ සංගීත ශිල්පීන් රැසක් එක්ව තිබුණි වසර කිහිපයක අනිවාර්ය හමුදා සේවයෙන් අනතුරුව නැවතත් කරළියට ආ BTS K-pop සංගීත කණ්ඩායම සියල්ලන්ගේම අවධානය දිනාගෙන ඇත.

ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

ඒ මෙවර උළෙලේ ප්‍රධානතම සම්මානය වන වසරේ විශිෂ්ටතම ශිල්පියා සම්මානය දිනා ගනිමිනි . ටේලර් ස්විෆ්ට්, සබ්‍රිනා කාර්පෙන්ටර්, බෑඩ් බනී, හැරී ස්ටයිල්ස්, සහ ලේඩි ගගා වැනි සංගීත ලොව ‍පෙරළිකාරයන් අභිබවායමින් BTS කණ්ඩායම මේ සම්මානය තමා සතුකරගැනීමට සමත් වී තිබේ.

මීට අමතරව හොඳම පිරිමි K-pop කලාකරුවාට හිමි සම්මානය ද හිමිවූයේ BTS කණ්ඩායමට වේ එසේම ඔවුන්ගේ Swim ගීතය පැසසුමට ලක් වුණේ ගිම්හානයේ ගීතය කිරුළ දිනාගනිමින් ය. වසරේ නවක කලාකරුවාට හිමි සම්මානය දිනාගත්තේ KATSEYE සංගීත කණ්ඩායමයි.

ඉන්දි­යාවේ තරු­ණ­යෝ 42ක් ව්‍යාජ මංගල යෝජ­නා­ව­කට හසුවෙලා - මංගල දිනයේදී මනාලියෝ ඇවිත් නෑ

ඉන්දි­යාවේ තරු­ණ­යෝ 42ක් ව්‍යාජ මංගල යෝජ­නා­ව­කට හසුවෙලා - මංගල දිනයේදී මනාලියෝ ඇවිත් නෑ

හොඳම සංගීත වීඩියෝවට හිමි සම්මානය ඇතුළු මෙම සංගීත උළෙලේ සම්මාන 3ක් ඔවුන්ට හිමිවී ඇත .

තවද මෙම සංගීත සම්මාන උළෙලදී සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට 70 හැවිරිදි Billy Idol සමත්වී ඇත.

ඒ   80 දශකයේ රොක් සංගීතයේ දැවැන්ත සළකුණක් වූ ඔහුට ජීවිත කාලයටම පිදෙන විශේෂ උපහාර සම්මානයක් පිරිනැමීමත් සමගිනි  .