ඉන්දි­යාවේ තරු­ණ­යෝ 42ක් ව්‍යාජ මංගල යෝජ­නා­ව­කට හසුවෙලා - මංගල දිනයේදී මනාලියෝ ඇවිත් නෑ

Report

 සමාජ මාධ්‍ය­ ජා­ලය ඔස්සේ මනා­ලි­යන් සොයා දෙන බවට පළ කළ ව්‍යාජ දැන්වී­ම­කට හසුවූ තරු­ණ­යන් 42 දෙන­කුට රුපි­යල් මිලි­ය­න­ය­කට වඩා මුද­ලක් අහි­මි­වීමේ පුව­තක් ඉන්දි­යාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්ත­යෙන් වාර්තා වී ඇත.

මෙම දැන්වී­මට අනුව ඉන්ඩොර්හි පිහිටි අනාථ නිවා­ස­ය­කින් මනා­ලි­යන් සොයා දෙන බවට පොරොන්දු වී  තිබේ.

එහෙත් වංචා­ක­රු­වන් සුදුසු මනා­ලි­යක් තෝරා ගැනීම සඳහා තරු­ණ­යන්ගේ පවුල් වෙත යවා තිබෙනුයේ අන්ත­ර්ජා­ල­යෙන් ලබා­ගත් සුරූපී මෝස්තර නිරූපි­කා­වන්ගේ ඡායා­රූප බව ද පසුව හෙළි ව ඇත.

මංග­ල්‍යය තීන්දු කර මුදල් ලබා­ගැ­නී­මෙන් පසු සමූහ විවා­හ­ය­කට සූදා­න­මින් මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ ඩිවාස් නුවර පිහිටි රාධා­ගාන්ජ් ක්‍රීඩාං­ග­ණය වෙත පැමි­ණෙන ලෙස කළ දැනු­ම්දී­මට අනුව පවුල් 42කට අයත් ඥාතීන් විශාල පිරි­සක් සහ මංගල ඇඳු­මින් සැර­සුණු මනා­ල­යන් පසු­ගිය 25 වැනිදා ක්‍රීඩාං­ග­ණ­යට රැස්වු­වද, අපේක්ෂා කළ පරිදි මංගල්‍ය උත්ස­ව­යක් සිදු නොවූ බවත්, කිසිදු මනා­ලි­යක් එහි නොපැ­මිණි බව සදහන් වේ.

ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

එහෙත් මංගල්‍ය උත්ස­වයේ සංවි­ධාන කට­යු­තු­ව­ලට සම්බන්ධ බව කියන යුව­ළක් එදින ක්‍රීඩාං­ග­ණ­යට පැමිණ ඇති අතර, මනා­ලි­යන් පැමි­ණෙන බව කිය­මින් ඔවුන් මනා­ල­යන් සහ ඔවුන්ගේ පවු­ල්වල ඥාතීන් එදින උදෑ­සන සිට රාත්‍රි කාලය දක්වා ක්‍රීඩාං­ග­ණයේ රඳවා තබා­ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ වගේම අව­සා­නයේ මුදල් උප­යා­ගැ­නීමේ ජාවා­ර­ම­කට හසුවූ බව අව­බෝධ කර­ගත් පිරිස මේ පිළි­බඳ පොලී­සි­යට පැමි­ණිලි කර ඇති අතර, උත්ස­වයේ සංවි­ධාන කට­යු­තු­ව­ලට සම්බ­න්ධව සිටි සැමියා හා බිරිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලී­සිය විසින් ප්‍රශ්න කිරී­මේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්ඩෝර්හි රැකි­යා­වක නිර­තව සිටින සිය වැඩි­මහල් සොහො­යුරා මේ සමූහ විවා­හය සැල­සුම් කළ බවයි .

විවා­හය සඳහා සූදා­න­මින් ක්‍රීඩාං­ග­ණ­යට පැමි­ණෙන ලෙස දැනුම් දීම සඳහා මනා­ල­යන්ගේ දුර­ක­තන අංක ද ඔහු ලබා දී ඇති බවත් වාර්තා වේ.

මනා­ලි­යන් නොපැ­මි­ණීම හේතු­වෙන් සිය සොහො­යුරා සම්බන්ධ කර­ගැ­නී­මට උත්සාහ කළ ද, ඔහුගේ ජංගම දුර­ක­තනය ක්‍රියා විර­හිත කර ඇති බවත් ඔවුන් පොලී­සි­යට ප්‍රකාශ කර ඇත

මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්ත පොලී­සිය වැඩි­දුර විම­ර්ශන ආරම්භ කර ඇතැයි ද, ව්‍යාජ මංගල යෝජනා මඟින් තරු­ණ­ය­න්ගෙන් මුදල් ගැරූ පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට මෙහෙ­යුම් ආරම්භ කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ .