ලාඕසයේ ගුහාවක සිරවී සිටින පිරිස බේරාගැනීමේ මෙහෙයුම්වලදී ඔක්සිජන් හිඟයක්

Report

ලාඕසයේ ගුහාවක් තුළ සිරවී සිටින කිමිදුම්කරුවන් හත්දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුමට සහාය වන තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායමක නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් ඔක්සිජන් සිලින්ඩර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.

ලාඕ ජාතිකයින් වන මෙම හත්දෙනා මධ්‍යම ලාඕසයේ සයිසොම්බෝන් පළාතේ පිහිටි මෙම ගුහාව තුළට පසුගිය සතියේ ඇතුළු වී ඇත්තේ රන් සෙවීම සඳහා බව දේශීය ස්වේච්ඡා කණ්ඩායම් සහ ලාඕසයේ රාජ්‍ය මාධ්‍යයක් වන 'Lao Phattha News' වාර්තා කර තිබේ .

කෙසේ වෙතත්, එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑමකින් ගුහාවෙන් පිටවන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

මේ වන විට සිරවී සිටින පිරිසෙන් අවම වශයෙන් පස්දෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති නමුත්, ඔවුන් කිසිවෙකුත් මෙතෙක් ගුහාවේ අභ්‍යන්තර කුටිවලින් පිටතට ගැනීමට හැකි වී නැත.

"අපට හැකි තාක් දුරට ඔක්සිජන් සිලින්ඩර ණයට ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. එමෙන්ම ගුහාව ඉදිරිපිට ඔක්සිජන් නැවත පුරවන මධ්‍යස්ථානයක් (Oxygen refilling station) පිහිටුවීමට ද අප බලාපොරොත්තු වෙනවා" යැයි තායි ස්වේච්ඡා නායක කෙන්කාඩ් බොන්කවොන්ග් (Kengkard Bongkawong) සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායම් බදාදා ප්‍රකාශ කළේ පස්දෙනෙකු සොයාගෙන ඇති බවයි.

නමුත් ලාඕසයේ "Rescue Volunteer for People" සංවිධානය කියා සිටියේ හත්දෙනාම සොයාගෙන ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව පසුවන බවය. මේ සම්බන්ධව වි මෙම තොරතුරු මෙතෙක් ස්වාධීන පාර්ශවයන් මඟින් තහවුරු කරගෙන නොමැත.

කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

පසුගිය ඉරිදා සිට තායිලන්ත ස්වේච්ඡා සේවකයන් ද මෙම මුදාගැනීමේ මෙහෙයුමට එක්ව සිටිති. ඒ අතර, 2018 වසරේදී උතුරු තායිලන්තයේ ගංවතුරට හසු වූ ගුහාවකින් පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ ලෝක ප්‍රකට මෙහෙයුමට දායක වූ කිමිදුම්කරුවෙකු ද සිටියි.

එම 2018 වසරේ මෙහෙයුම ලෝකයේම දැඩි අවධානයට ලක් ව තිබේ. ඒ සඳහා බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය කිමිදුම්කරුවන්, අමෙරිකානු මිලිටරි නිලධාරීන් සහ තවත් ජාත්‍යන්තර සහාය විශාල වශයෙන් ලැබුණි.