2023 ලෝක කුසලානයේ තවත් තරඟයක් අද.

Report

 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟක් අද පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතරයි.

අද පැවැත්වෙන්නේ ලෝක කුසලානයේ 10වැනි තරඟයයි.

මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරඟය ආරම්භ වන අතර,ලක්නව්හිදී එය පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙම්බා බවුමා විසින් මෙහෙයවන තර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැට් කමින්ස් මෙහෙයවනු ලබනවා.

මේ අතර, ලෝක කුසලානයේ ඊයේ (11) පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරදා කඩුළු 08කින් එම තරඟය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.