ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 414යි..ස්ටීවන් ස්මිත්ගෙන් වාර්තාවක්...

Report

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියට යාමට හැකිවිය.

අද තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක් සිටියත්, ඉතිරි කඩුලු 7 ලකුණු 84ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

වසර 8ක් තුළ තෙවනවරටත් PFF තහනමක්...

වසර 8ක් තුළ තෙවනවරටත් PFF තහනමක්...

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඇලෙක්ස් කේරී ලකුණු 156ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සනිටුහන්කළ ප්‍රබාත් ජයසූරිය ලකුණු 151කට කඩුලු 05ක් දවාගත්තේය.

මෙය ඔහුගේ 11වන කඩුලු 5 අවස්ථාව විය.  

මේ අතර ආසියාව තුළ ඉහළම ලකුණු රැස්කළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් පිතිකරුවා බවට පත්වීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට අද (8) හැකිවිය.

නීතිඥ සංගමයෙන් හදිසියේම ජනපතිට ලියුමක්..

නීතිඥ සංගමයෙන් හදිසියේම ජනපතිට ලියුමක්..

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වූ අද ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 131ක් රැස්කරමින් ඔහු මෙම කඩඉම පසුකර ගියේය.

මේ වනවිට ස්මිත් 52.47ක ඉනිමක සාමාන්‍යයක් පවත්වාගනිමින් ආසියානු තණතීරු තුළ ලකුණු 1994ක් රැස්කර ඇත.

ඒ අනුව ඔහු පසුකර ගියේ ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් රැස්කරගෙන සිටි ලකුණු 1889ක වාර්තාවයි.

You may like this video