පවුල් විසින් අත හැර දමූ හෝ අමතක වූ මළසිරු වල අයිතිකරුවන් සොයයි..

Report

මේ වනවට මාස හයකට අධික කාලයක සිට හඳුනා නොගත් මෘතශරීර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ගබඩාකර ඇති බැවින් දිනපතා එකතුවන මෘතශරීර ගබඩා කර තබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්වී ඇති බව එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ පවසා තිබේ .

ගාසා තීරයේ ළමුන් අතර භයානක සමේ රෝගයක්..(VIDEO)

ගාසා තීරයේ ළමුන් අතර භයානක සමේ රෝගයක්..(VIDEO)

හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ මෙම මෘතශරීර බොහොමයක් හදිසි අනතුරු නිසා පොලිසිය බාරදුන් ඒවා බවයි.

එමෙන්ම මේ වනතුරුත් හිමිකරුවන් ඉදිරිපත් නොවීම නිසා පරීක්ෂණ කටයුතු සිදුකර එම මෘත ශරීර ඉවත් කිරීමට අපහසුවී ඇති බැවින් ඒවා බාරදුන් පොලිසිය මගින් හෝ අතුරුදන්වීම් සිදුවී ඇති ඥාතීන් ඉදිරිපත් වී පරීක්ෂණ සිදුකරවා ගෙන කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසට අවස්ථා ගණනාවකදීම පොලිසිය සහ මහජනතාව දැනුවත් කළ බව ද ඔහු පැවසීය .

මසිනලා දෙන්නටම අක්කලා දෙන්නව එපා වෙලා..12 හැවිරිදි නෑනාට කරපු දෙයක්..

මසිනලා දෙන්නටම අක්කලා දෙන්නව එපා වෙලා..12 හැවිරිදි නෑනාට කරපු දෙයක්..

එමෙන්ම බොහොමයක් මෘතශරීර කොහුවල, මොරටුමුල්ල, කිරුළපන, මොරටුව, ඉංගිරිය, මහරගම, මරදාන, පිළියන්දල, වාද්දුව සහ එගොඩ උයන යන පොලිස් ස්ථාන මගින් බාරදී ඇති බවයි ඔහු සඳහන් කළේ.