කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන තැත ගැන ඇමතිගෙන් ලැබුණු තීන්දුව. - ඔත්තුකරුවෙකුගෙනුත් ලිපියක්.

Sri Lanka Police Tiran Alles Sri Lanka Magistrate Court Deshabandu Tennakoon
By Wayomi Mar 26, 2024 01:43 PM GMT
Wayomi

Wayomi

Report

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම උපදෙස් දී ඇත්තේ, ඔත්තුකරුවෙක් විසින් යොමු කරන ලද ලිපියකට අනුවයි.

රාජ්‍ය ඔත්තුකරුවෙකුට ලැබුණු තොරතුරක් අනුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතනය කිරීමට යම් පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් ගිනිඅවියක් ඉල්ලා ඇති බව සඳහන්.

ඔත්තුකරුවා විසින් අදාළ පුද්ගලයාගේ දුරකථන අංක සහිතව විස්තර දක්වා ඇති අතර එම දුරකථන අංක සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර, "ගිනිඅවිය ඉල්ලා ඇත්තේ තිළිණ ගමගේ විසින් පසුගිය කාලයේ දුන් අධිකරණ නියෝග හේතුවෙන් ඔහු ඉවරයක් කළ යුතු බව පවසමින්."  

ReeCha