ATM යන්ත්‍ර කඩා මුදල් කොල්ල කන ජාවාරමක් කොටුවෙයි. (VIDEO)
ATM යන්ත්‍රය කැඩීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනෙකු වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා රාජගිරිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති එම ATM යන්ත්‍රය තියුණු ආයුධයක් ආධාරයෙන් කැඩීමට උත්සාහ දරන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවේද සටහන්ව තිබුණි.
කෙසේවෙතත් ATM යන්ත්‍රය කඩා එහි තිබූ මුදල් සොරාගැනීමට අදාළ සැකකරුවන්ට හැකිවී නැත.
යන්ත්‍රයට වූ හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කෝට්ටේ නගර සභාවේ කම්කරුවෙක් බව වාර්තා වේ.
අදාළ සැකකරුවන් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අයිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
සැකකරුවන් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |