අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

Athuraliye Rathana Thero Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 08, 2025 10:45 AM GMT
Shehan

Shehan

Report

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් 2020 දී පැහැරගෙන ගොස් බිය ගැන්වූ බවට චෝදනා එල්ල වී ඇති අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ සවස රාජගිරියේ සඳහම් සෙවන විහාරස්ථානයට ගිය බව වාර්තා වේ.

එහෙත්, එහිදී උන්වහන්සේ එම ස්ථානයේ නොසිටි අතර, ජංගම දුරකථනය අක්‍රීය කර සැඟවී සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

මෙම පැහැරගැනීම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමේ චේතනාවෙන් සිදු වූ බවට චෝදනා එල්ල වන අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විශ්‍රාමික පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

පැමිණිල්ලකට අනුව, දේශබන්දු තෙන්නකෝන්ට මෙම සිද්ධියට සම්බන්ධතාවක් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

වසර පහකට පමණ පෙර සිදු වූ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, පළමු සැකකරු පසුගිය ජූලි 20 වැනිදා අත්අඩංගුවට ගැනිණි. එම සැකකරු කටුවන, කිරිමානගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කණ්ඩලම නන්දසීහ හිමි නමින් පැවිදි වී සිටි පුද්ගලයකු බව හඳුනාගෙන ඇත.

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වුණු හැටි - අද මිල ගණන් මෙන්න

විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලිපි ලේඛනවල අත්සන් ලබාගත් බවට පැමිණිල්ලේ සඳහන් වන අතර, මෙම ක්‍රියාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබා ගැනීමට බාධා කිරීමේ චේතනාවෙන් සිදු වූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

දුරකථන ජාල විශ්ලේෂණයකදී අනාවරණය වී ඇත්තේ, පැහැරගැනීම සිදු වූ අවස්ථාවේ සිට අතුරලියේ රතන හිමි සැකකරුවන් සමඟ අසාමාන්‍ය ලෙස දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවයි.

මේ අතර, පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනකු 2024 ජනවාරි 22 වැනිදා බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසල පාතාල ගැටුමකින් ඝාතනයට ලක්ව ඇත.

සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා

සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා