අස්වැසුම ඉල්ලලා තවත් ලක්ෂ නවයක් ඉල්ලුම් කරලා
සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්තිලගේ මහතා විසින් අස්වැසුම් වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්‍රතිලාභ ලබන බව පවසා ඇත.
එසේම තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලුම් කර ඇති බවත් ප්‍රකාශ කරයි.
2024 වසරේ වර්තමාන ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්න වී සිටි බවත් ඔහු පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන "ප්‍රජා ශක්ති" ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල පිළිබඳව ඊයේ දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තිබූ මාධ්‍ය හමුවකදී මතු වූ පැනයකට පිළිතුරු වශයෙන් බව සඳහන්.
මේ අනුව "ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට දින සවස 2.00 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති බව ප්‍රකාශ කර ඇත.
මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාම සංවර්ධනය සහ දිළිදු බව තුරන් කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ අන්තර්කරණිය සංවිධාන ව්‍යුහයක් හදුන්වාදීමත් දිළිදු බව තුරන් කිරීමට ප්‍රජා සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වාදීමත් බව සඳහන්.
එමෙන්ම එහිදී දක්වා ඇත්තේ 2000 වසරේදී දුගී පවුල් සංඛ්‍යාව ලක්ෂ 11 ක්ද 2010 වසරේදී පවුල් ලක්ෂ 15 ක් ද 2024 වසරේදී ලක්ෂ 18 කට ආසන්න සංඛ්‍යාවක් වශයෙන් වාර්තාගත වී ඇති බවයි.
ඒ අනුව පෙනී යන්නේ ආධාර වන යැපෙන පවුල් සංඛ්‍යාව වැඩි වී ඇති බව යනුවෙන්ද පවසා ඇත.
