අස්වැසුමෙන් සතුටුදායක ආරංචියක්.

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 04, 2023 08:52 AM GMT
krishani

krishani

Report

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර ඇති බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

මේ අතර හෙට (05) දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරනු ඇත.

සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති නාමලේඛන කිසිදු සංශෝධනයකට භාජනය නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර ඇති අතර මේ දක්වා ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙනු ඇත.

ReeCha