අද රැකී රක්ෂා කරන අයට විශේෂ පණිවුඩයක්..දැන්ම දැනගන්න..

Sri Lanka
By Aruna Apr 17, 2023 12:06 AM GMT
Aruna

Aruna

Report

අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද උදෑසන (පූර්ව භාග) 6.28 ට යෙදී තිබෙනවා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වන්නේ.

මේ අතර අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය ඊයේ දින( පූර්ව භාග) 9.41 ට යෙදී තිබුණා.

මේ අතර අලුත් අවුරුදු නිවාඩු ලබාසිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඊයේ (16) උදෑසන කාලයේ සිට රාත්‍රී දක්වා දුම්රිය ගමන්වාර 30කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබෙනවා.

විශේෂ අවුරුදු සේවා ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළත් ගම්බිම් බලා ගිය පිරිස්වලට කොළඹට පැමිණීමට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා නොතිබුණු බවට මගී ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියේ, ”‍ගමෙන් කොළඹට”‍ විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා වැඩසටහන ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

අද සිට ලංගම බස් රථ සංඛ්‍යාව 4500 ක් ධාවනයට යොදවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now