ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට සුභ පණිවුඩයක්

By Sewvandhi Jul 28, 2021 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ තමන්ගේ දෙගිඩියාවෙනි. ඒ ඔවුන්ට දෙවැනි මාත්‍රාව ලැබෙන්නේ කවදා ද යන්න අපැහැදිලි බැවිනි.

ඒ අනුව ඔවුන්ට සුභ පණිවුඩයක් අද සෞඛ්‍ය අංශවලින් ලැබුණි. එහි සඳහන් වූයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බවය.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now