තවත් එන්නත් තොගයක් අද පස්වරුවේ දිවයිනට
ජපානය කොවැක්ස් වැඩසටහන හරහා ලබා දෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ ශ්‍රී ලංකාවට මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ලබන සෙනසුරාදා දිනයේත් මෙවැනිම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙසේ ලැබෙන එන්නත් මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නත ලබාගෙන සිටින පිරිසට දෙවන මාත්‍රාව ලෙස ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහනට යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ.
මේ අතර නව කොරෝනා ආසාදිතයින් 2,460 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,662 ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයින් අතරින් 2,455 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වනවා. විදේශයන්හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 05 දෙනෙකුද ඊයේ (30) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 275,212 ක් ලෙස දැක්වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 27,126 ක්. පසුගිය 29 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,380 ක් ලෙසින්.
ඒ අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු සිටිනවා. අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 41 දෙනෙකු මිය ගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි.
මේ අතර, ජුනි මාසය වනවිට එන්නත්කරණය හැර කොව්ඩි 19 ආශ්‍රිත සෙසු වියදම් සඳහා රුපියල් බිලියන 53ක් වැයකර ඇති අතර, එන්නත් මිළදී ගැනිම සඳහා මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක් පමණ වැය කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |