ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2026 - අයදුම්පත් කැඳවයි

Report

ශ්‍රී ලාංකේය ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ වෘත්තී­ය­භා­වය සහ තාක්ෂ­ණික කුස­ලතා ඉහළ නැංවීම අර­මුණු කර­ගත් ඇසි­දිසි ජන­මාධ්‍ය හා ‘ඇසි­දිසි – තාක්ෂ­ණික’ ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන් මෙවර ද (2026) ආරම්භ කර තිබේ.

  සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරනු ලබන ‘ඇසි­දිසි ජන­මාධ්‍ය’හා ‘ඇසි­දිසි – තාක්ෂ­ණික’ ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන් සාර්ථ­කව ආරම්භ කර ඇත ඒ අනුව, ‘ඇසි­දිසි ජන­මාධ්‍ය’ / ‘ඇසි­දිසි – තාක්ෂ­ණික’ ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන් – 2026 සඳහා අය­දු­ම්පත් කැඳවා ඇති බව ද ඒ සඳහා එළ­ඹෙන ජූලි මස 10 දා තෙක් අය­දු­ම්පත් භාර­ගන්නා බව ද ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය සඳහන් කර තිබේ.

වසර 02ක සේවා කාල­යක් සම්පූර්ණ කර ඇති, ශ්‍රී ලංකාවේ පිළි­ගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආය­ත­න­වල පූර්ණ­කා­ලීන හෝ අර්ධ­කා­ලීන පද­නම මත සේවයේ නියැළී සිටින වයස අවු­රුදු 18 – 55ත් අතර මාධ්‍ය­වේ­දීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන සඳහා අය­දුම් කිරීමේ හැකියාව ඇත.

නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම සපුරා තහනම් - කාලගුණයෙන් හදිසිම රතු නිවේදනයක්

නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම සපුරා තහනම් - කාලගුණයෙන් හදිසිම රතු නිවේදනයක්

ඉල්ලුම් කරනු ලබන පාඨ­මා­ලාව ක්ෂේත්‍ර­යට අදාළ පාඨ­මා­ලා­වක් විය යුතු බව ද අය­දු­ම්ක­රු­වන් රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව විසින් 2025/2026 වර්ෂය සඳහා ජන­මා­ධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් නිකුත් කළ මාධ්‍ය­වේදී හැඳු­නු­ම්පත ලබා තිබිය යුතු බව ද එම අමා­ත්‍යාං­ශය සදහන් කරයි

ඇසි­දිසි ජන­මාධ්‍ය ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන මඟින් ආචාර්ය උපා­ධිය සඳහා රුපි­යල් 700,000, දර්ශ­න­පති, ශාස්ත්‍ර­පති හා සාමාන්‍ය උපා­ධිය වෙනු­වෙන් උප­රිම රුපි­යල් 350,000, පශ්චාද් උපාධි ඩිප්ලෝමා, ඩිප්ලෝමා, දිගු­කා­ලීන හා කෙටි­කා­ලීන සහ­තික පත්‍ර පාඨ­මාලා සඳහා උප­රිම රුපි­යල් 200,000 ක මුද­ලක් ගෙවනු ලබයි .

මෙම වැඩ­ස­ට­හන සඳහා ඉල්ලුම් කරන මාධ්‍ය­වේ­දීන්ට ද ඇසි­දිසි තාක්ෂ­ණික ජන­මාධ්‍ය ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන සඳහා ද ඉල්ලුම් කළ හැකි අතර වැඩ­ස­ට­හන් දෙක සඳ­හාම උප­රිම මූල්‍ය සීමාව රුපි­යල් 350,000 කි. (එකම විෂය ක්ෂේත්‍ර­යක් ආව­ර­ණය වන පාඨ­මාලා දෙකක් සඳහා වැඩ­ස­ට­හන් දෙක මඟින්ම අය­දුම් කිරී­මට අව­ස්ථාව හිමි නොවේ)

. සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විසින් පත්ක­රනු ලබන තේරීම් කමි­ටු­වක් මඟින් අය­දු­ම්ක­රු­වන් සම්මුඛ පරී­ක්ෂ­ණ­යට භාජන කර ශිෂ්‍ය­ත්ව­ලා­භීන් තෝරා­ගනු ලබයි .

මේ සඳහා යොමු­ක­රන ‘ඇසි­දිසි ජන­මාධ්‍ය’ ශිෂ්‍යත්ව අය­දු­ම්පත් අධ්‍යක්ෂ (මාධ්‍ය) වෙතත් ‘ඇසි­දිසි – තාක්ෂ­ණික’ ශිෂ්‍යත්ව

අය­දු­ම්පත් අධ්‍යක්ෂ (සංව­ර්ධන) වෙතත් 2026.07.10 දින හෝ එදි­නට පෙර සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශය, අංක 163, ‘ඇසි­දිසි මැඳුර’, කිරු­ළ­පන මාවත, පොල්හේ­න්ගොඩ, කොළඹ 05 දරන ලිපි­නය වෙත ලියා­ප­දිංචි තැපෑ­ලෙන් හෝ www.media.gov.lk අමා­ත්‍යාංශ නිල වෙබ් අඩ­වියේ සහ පුව­ත්ප­ත්වල පළ­වන QR කේතය ස්කෑන් කර මාර්ග­ගත ක්‍රමය ඔස්සේ තොර­තුරු ලබා­ ගැනීමේ හැකියාව තිබේ .

‘ඇසි­දිසි ජන­මාධ්‍ය’, ‘ඇසි­දිසි – තාක්ෂ­ණික’ ශිෂ්‍යත්ව-2026 වැඩ­ස­ට­හන් පිළි­බඳ වැඩි විස්තර – 0112513645 /චන්දන මහතා 0714931696 ඇම­තී­මෙන් හෝ ආදර්ශ අය­දු­ම්පත් www.media.gov.lk වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් ලබා­ගත හැකිය.