ඉල්ලා අස්වූ කථානායක ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි…උපාධිය ගෙනාවොත් ඔක්කොම හරි.
ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා දුන් බව කියන ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ නියෝජිතයකු ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ඔහුගේ සමීපතමයෙකු එම විශ්ව විද්‍යාලය බලා ඉතා නුදුරේදීම පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහුට එම ආචාර්ය උපාධිය ලබා දී ඇත්තේ 2005 වසරට පෙර බවත් එනිසා එය අන්තර්ජාල මාර්ගයෙන් නිකුත් නොකරන බවත් ආරංචි මාර්ග වාර්තා පවසයි.
දැනට එම සරසවිය අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන්නේ 2005 වසරෙන් පසු ලබාගන්නා ආචාර්ය උපාධි සහතික පමණක් බවයි වාර්තා වන්නේ.
You May Like This Video