රු.300 මිලියන පාඩුවේ හෙළිදරව්ව - අසංක සී.අයි.ඩි අධීක්ෂණයට

Report

ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය අසංක රුවන් පොදුපිටිය මහතා, රජය බලයට පත්වීමෙන් පසු 2025 මැයි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු කළ රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේදී ඉහළ වටිනාකමකින් යුත් වාහන අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පසුගිය වසරේ මැයි 19 වැනිදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත්, මාස 08කට ආසන්න කාලයක් ගත වූවද අල්ලස් කොමිෂන් සභාව විසින් තවමත් ලිපියක් හෝ දැනුම්දීමක් නොකළ බවත් පෙන්වා දී ඇත. මෙම වෙන්දේසියේදී මිලියන 500ක වටිනාකමකින් යුත් වාහන මිලියන 200කට විකිණීමෙන් රජයට මිලියන 300ක පමණ පාඩුවක් සිදු වූ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.

රාජ්‍ය බැංකු කළමනාකරුවෙකු රු. මිලියන 163ක බොරු රත්තරන් උකස් කරලා වංචාවක් කරලා..

රාජ්‍ය බැංකු කළමනාකරුවෙකු රු. මිලියන 163ක බොරු රත්තරන් උකස් කරලා වංචාවක් කරලා..

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (ජනවාරි 28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් ලැබී ඇති බව ආචාර්ය අසංක රුවන් පොදුපිටිය මහතා සඳහන් කර ඇත.

ඔහු මෙම තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්, රජය විසින් සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීමක්ද යන්න ප්‍රශ්න කර තිබේ. මෙම වාහන වෙන්දේසිය රජයේ වියදම් අඩු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ටෙන්ඩර් ක්‍රමයට සිදු කළ බව ජනාධිපති කාර්යාලය පසුගිය කාලයේ නිවේදනයක් මගින් පැහැදිලි කර තිබුණි. එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ අයට වාහන විකිණූ බවත්, අසත්‍ය ප්‍රචාර බැහැර කළ බවත් සඳහන් විය.

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

රන් මිල ලක්ෂ 4 පනී - පිස්සු හැදෙන අද රන් මිල මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න