ඔයා තාමත් ඡන්දය දාන්න ගියේ නැද්ද බලන්නකෝ දැනට කීදෙනෙක් දාලද කියලා..
අද (21) උදෑසන 7.00ට ආරම්භ උන මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ පස්වරු 1.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.
ඒ අනුව පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක තුළ 55%ක ප්‍රතිශතකයක්ද
ගම්පහ දිස්ත්‍රික්කය තුළ 52%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතාකර ඇති බව වාර්තා වෙනවා.
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ 51%ක් ප්‍රතිශතයක්ද
කොළඹ දිස්ත්‍රික්කය තුළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල 50%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී අති බව සඳහන්.
කුරුණෑගල 50%, කෑගල්ල 49%, ගාල්ල 45%, පුත්තලම 42%ක් සහ මාතර දිස්ත්‍රික්කය 40%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබෙනවා