හොඳ වැඩක් වෙනුවෙන් කලාකරුවන් රැසක් එක්ක මාලිමා මන්ත්‍රීනියකුත් නටයි
සුළි කුණාටුවෙන් නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම වෙනුවෙන් කලාකරුවන් පිරිසක් අද (29) දින නාවලපිටිය ටිල්ටන් තේ කර්මාන්ත ශාලාවේ ස්ථාපිත තාවකාලික අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමඟ එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගනණාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහවැලි කේන්ද්‍රය මඟින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට තරින්ද්‍රි ප්‍රනාන්දු, සේමිනි ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි, දනුෂි දිසානායක ඇතුලු කලා කරුවන් 07 දෙනෙකු සහභාගී වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඒ සදහා සහභාගි වී එම කදවුරේ සිටින අවතැන් වුවන් සමඟ ගීත ගයනා කරමින් මෙම වැඩසටහන දියත් කර තිබෙන අතර, එම වැඩසටහනට මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මියද එක් වී කලාකරුවන් සමග එක්ව නර්තනයේ යෙදී ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම වැඩසටහන සදහා එම කලාකරුවන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී තිබෙනවා.