අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් ගැන ගත් තීරණය.

By krishani May 10, 2023 03:41 PM GMT
Report

ඊයේ (09) හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී ය.

එමෙන්ම ඔහුව දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අද අවසර දී තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වී ඇති අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ද හට ගැණින.

කෙසේවෙතත්, විරෝධතාකරුවන් එක්රැස්වීම පාලනය කිරීමේ අරමුණින් මේ වන විට අන්තර්ජාල පිවිසුම් අවහිර කිරිමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join