ඉම්රාන් ඛාන් අත්අඩංගුවට. (VIDEO)
හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී ය.
ඔහු අග්‍රාමාත්‍යධුරය දරණ සමයේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන්හි දී තමන් වෙත ලැබුණු ත්‍යාග සහ ප්‍රදානවල වටිනාකම අඩුවෙන් තක්සේරු කර ඉදිරිපත් කිරීම ඔහුට එල්ලවන එක් චෝදනාවක් වේ.
මේ අතර, ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් බලයෙන් පහකළ පළමු පකිස්තාන අගමැති ලෙස ඉතිහාසගත වෙයි.
ඔහුට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන් පසු 2022 (අප්‍රේල් 09) වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද විමසීම පැවැත්විණි.
මන්ත්‍රී ආසන 342 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 174 ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි විය.
ඒ එය බහුතර ඡන්දයක් බවට ප්‍රකාශයට පත් කරමින් ය.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එරට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ, පාකිස්තානය සහ එහි පාර්ලිමේන්තුව "අවසානයේ බරපතල අර්බුදයකින් නිදහස් වූ" බවයි.
විපක්ෂ ආණ්ඩුවක් තමන් පිළිනොගන්නා බවත් රුසියාවට සහ චීනයට එරෙහි ප්‍රශ්නවල දී වොෂින්ටනය සමඟ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව ඉවත් කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කුමන්ත්‍රණයක් ඇති බවත් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කරමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ ය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය දියත් කරමින් සිටිය දී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට ඉම්රාන් ඛාන් මොස්කව් වෙත ගිය අතර බුෂ් පරිපාලනය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස හැඳින් වූ එය ඔහු විසින් කලින් විවේචනය කළේ ය.
විඩියෝ දර්ශන - BBC News
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |