හතර වටේටම බුදුවරු පහලවෙලා.- බුදු වුණා කියන "බුද්ධා බෝයි" අත්අඩංගුවට. - (VIDEO)

By Wayomi Jan 12, 2024 06:26 AM GMT
Report

"බුද්ධා බෝයි" ලෙස හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාල ජාතිකයකු වන ඔහු බුදුන්ගේ පුනුරුප්පත්තියක් ලෙස හඳුන්වා ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපචාර චෝදනාවක් සම්බන්ධයෙනි.

ඔහු නව යොවුන් වියේදී ප්‍රසිද්ධියට පත් වී ඇති අතර ඔහුට ජලය, ආහාර හෝ නින්ද නොමැතිව මාස ගණනක් නොසෙල් වී භාවනා කළ හැකි පුද්ගලයකු බවයි ඔහුගේ අනුගාමිකයින් පවසන්නේ.


33 හැවිරිදි භක්තිමත් අනුගාමිකයින් සිට ඇති අතර ඔහුගේ අනුගාමිකයන්ට ශාරීරිකව හා ලිංගිකව හිරිහැර කළ බවට දිගු කලක් තිස්සේ ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී නේපාල රුපියල් මිලියන 30 (ඩොලර් 225,000) සහ තවත් ඩොලර් 22,500ක විදේශ මුදල් තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




                                                                              Sponsored By Sarrita Jewellery

හතර වටේටම බුදුවරු පහලවෙලා.- බුදු වුණා කියන "බුද්ධා බෝයි" අත්අඩංගුවට. - (VIDEO) | Arrested Buddha Boy Who Claims To Be A Buddha