රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000කට සුබ ආරංචියක් - දීපව්‍යාප්ත ව්‍යාපෘතියක්

Report

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින නේවාසිකාගාර හිඟයට තිරසාර පිළියමක් වශයෙන් රජය විසින් මෙම වසරේදී දීපව්‍යාප්ත ලෙස විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී තිබුණා.

එහි ආරම්භය සනිටුහන් කරමින් ඉකුත් දා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වවිද්‍යාලයේදී සිසුන් 200 කට නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි මහල් 4කින් යුත් නේවාසිකාගාරයකට මුල්ගල තැබීම සිදු විය.

ඒ වෙනුවෙන් රජය දරා ඇති මුදල රුපියල් මිලියන 231කට අධික බව සඳහන්.

ඊට අමතරව තවත් සිසුන් 200කට නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි ප්‍රමාණයේ නේවාසිකාගාරයක් සහ සිසුන් 400 කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබා ගතහැකි නේවාසිකාගාර 02ක් ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ එම විශ්වවිද්‍යාලයට හිමි වේ.

ඒ අනුව සිසුන් 1,200 කට පමණ සරිලන නේවාසිකාගාර 04ක් මේ ඔස්සේ වවුනියාව විශ්වවිද්‍යාලය තුළ ගොඩනැගීමට නියමිත බව වාර්තා වේ.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

එසේම නිදහස් උසස් අධ්‍යාපනයක් යනු සිසුන්ට සිය අධ්‍යයන කටයුතු මෙන්ම, සමාජීය හා දේශපාලන ක්‍රියාකාරකම්ද නිදහස් පරිසරයක් තුළ සිදුකිරීමට ඇති හැකියාවයි.

එය හොඳින් වටහාගත් රජයක් වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිටින සිසුන් 16,000කට පමණ පහසුකම් සැපයිය හැකි ලෙස, දීපව්‍යාප්ත වශයෙන් විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

එමඟින්, සබරගමුව විශ්වවිද්‍යාලයට සහ රජරට විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 7 බැගින්ද, අග්නිදිග විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 6ක්ද, නැගෙනහිර විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 5ක්ද, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයටත් නේවාසිකාගාර 6ක්ද වශයෙන් ලබා දීමට සැලසුම් සකස් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ වයඹ විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 4 බැගින් වෙන් කර තිබෙන අතර, රුහුණු විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 4ක්ද, යාපනය විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 2ක්ද, මොරටුව, ත්‍රිකුණාමලය සහ ගම්පහ වික්‍රමආරච්චි යන විශ්වවිද්‍යාලවලට නේවාසිකාගාර 2 බැගින් ද එම ව්‍යාපෘතිය ඔස්සේ ලබාදීමට නියමිත බව සඳහන්.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

මේ අතර වවුනියාව විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, මෑතකදී ශිෂ්‍ය සුබසාධනය සඳහා සිදුකරන විශාලතම ආයෝජනය සිදුකිරීමට රජයක් වශයෙන් හැකිවූ බවයි.

එසේම විශ්වවිද්‍යාල තුළ යටිතල පහසුකම් ගොඩනැගීමේදී නව විශ්වවිද්‍යාලවලට සහ නගරාසන්න ප්‍රදේශවලින් බැහැරව ඇති විශ්වවිද්‍යාල සඳහා වැඩි අවධානයක් යොමු කරන බවද ඇය සඳහන් කළා.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ අග්නිදිග, නැගෙනහිර, රජරට සහ ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාලවලට වැඩි අවධානයක් යොමු කර ඇති බව ද අගමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඇය පැවසුවේ නවක වදය කිසිසේත්ම අනුමත නොකරන බවත්, එවැනි සිදුවීම් වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් ය.

එසේම සිසුන් විසින් සිදු කරන සෑම ශිෂ්‍ය ක්‍රියාකාරකමක්ම, නවක වදය ආශ්‍රිත ක්‍රියාකාරකම් වශයෙන් වැරදි වැටහීමක් ද ඇති කර නොගත යුතු බව ද ඇය සඳහන් කළා.

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

තවද විශ්වවිද්‍යාල යනු රටේ අනාගත නායකත්වය බිහිකරන ස්ථාන වන බැවින්, විශ්වවිද්‍යාල සිසුන්ට ගුණාත්මක අධ්‍යයන ක්‍රියාකාරකම්, අංගසම්පූර්ණ යටිතල පහසුකම් මෙන්ම නිවැරදි දේශපාලන සංස්කෘතික ජීවිතයක් ද ලබාදිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය, විශ්වවිද්‍යාල තුළ නිදහස් අධ්‍යාපන සංස්කෘතියක් ඇති පරිසරයක් ඇති කිරීමේ බලාපොරොත්තුව මත රජය මෙම ආයෝජන සිදුකරන බවත් කියා සිටියා.

මේ අතර එම අවස්ථාව සඳහා පළාත් ආණ්ඩුකාර එන්. වේතානයගම්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එච්. උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. තිලගනාදන් සහ එම්. ජෙගදීස්වරන් යන මහත්වරුන් මෙන්ම, වවුනියාව විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන් සහ සිසුන් පිරිසක් එක්ව සිටියා.

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට

නේපාල-ටිබෙට් දේශසීමාවේ හදිසි ගංවතුරින් මියගිය ගණන 392 දක්වා ඉහළට