Phone sex කරලා කන්‍යාභාවය නැතිවෙයි කියලා බයයිද? තරුණියන් බිය ගන්වන කන්‍යාභාවය පිළිබඳ ගැටලුව!
“සැබෑ ජීවිතයේදී පිරිමි ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වා නැති නමුත් මාස කිහිපයක් ඇගේ හිටපු පෙම්වතා සමග දුරකතනයෙන් පමණක් ලිංගික සම්බන්ධතා පවත්වා, ඇය තනිව ම ඇගේ (ඔබ දන්නවා නේ) අහිමි කර ගත් ගැහැනු ළමයෙක් තවමත් කන්‍යාවක් ලෙස ඔබ සලකනවා ද?
” මේ, Reddit සමාජ මාධ්‍ය අවකාශයේ මීට දින කිහිපයකට ඉහතදී පරිශීලිකයෙකු විසින් ඉංග්‍රීසි බසින් නගන ලද ප්‍රශ්නයක උපුටා ගත් කොටසක දළ සිංහල පරිවර්තනයකි. “මම පරණ තාලේ කෙනෙක් නෙවෙයි, නමුත් මගේ දෙමව්පියන් සහ ඇගේ දෙමව්පියන් මගේ ඔළුව අවුල් කළා, දැන් මට ඇත්තට ම මගේ මනස නිරවුල් කර ගන්න ඕනේ,” එහි තවදුරටත් මෙසේ සඳහන් විය.
මෙම පුද්ගලයා පවසන පරිදි, මෙහි සිටින තරුණිය කායික එක් වීමකින් තොරව දුරකතනය ඔස්සේ පවත්වන ලද ලිංගික සම්බන්ධතාවකදී ඇයගේ “කන්‍යාභාවය” අහිමි කරගෙන තිබේ. දැන් එය ඔහුගේ හිතට වද දෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. පොදු සමාජයේ ව්‍යවහාර වන “phone sex” කිරීම, නැතිනම් “දුරකතනය හරහා අතත්‍ය පරිසරයක” ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වීම වරදකාරී ක්‍රියාවක් ද?
අද වන විට එය බොහෝ සමාජවල දක්නට ලැබෙන පොදු සංසිද්ධියක් වී හමාර ය. කායික එක් වීමකින් තොරව එවැනි හැසිරීමකදී යමෙකු තම “කන්‍යාභාවය” අහිමි කර ගන්නේ නම්, සමාජයේ ඇතැමුන් හුවා දක්වන පරිදි ඇය තවදුරටත් “කන්‍යාවක්” නොවෙන්නේ ද? කන්‍යා පටල මිථ්‍යාව යනු කුමක් ද? ‘ඔයා ඔහෙන් කරන්න, මං මෙහෙන් කරන්නම්…‘
මෙම සිදුවීම පිළිබඳව බීබීසී සිංහල කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාසගෙන් විමසීමක් කළෙමු. ඔහු එංගලන්තයේ නිව් කාස්ල් සරසවියේදී සිය අචාර්ය උපාධිය සඳහා මෙරට අවුරුදු 18-24ත් තරුණයින් ෆේස්බුක් යොදාගෙන තම සමරිසි සම්බන්ධතා ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව පර්යේෂණය කළ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලයේ අධිශිෂ්‍යත්වලාභී පර්යේෂකයෙකි.
දුරකතනය ඔස්සේ පවත්වන ලිංගික සම්බන්ධතා, නැතහොත් phone sex ඔහු virtual sex (අතත්‍ය ලිංගික සම්බන්ධතා) ලෙස හැඳින්වීය. ඩිජිටල් සන්නිවේදන මාධ්‍යයන්ගේ සිදුවුණු විපලවයත් සමග පැමිණි මෙහිදී ද සිදුවන්නේ සාමාන්‍ය ලෝකයේදී දෙදනෙකු අතර සිදුවන ලිංගික හැසිරීමට හා සමාන ක්‍රියාවක් බව ඔහු පැහැදිලි කළේ ය.

නිළි රැජිණියට ගෞරව කරන්න ඇවිත් මොනවද දෙයියනේ මේ කරලා තියෙන්නේ...නිකන් බාල වැඩ කරන්න එපා...කලාකරුවොත් ඇවිලෙයි(PHOTO)
“වර්චුවල් මීඩියා එකේදී සාමාන්‍ය ලෝකයේදී අපි හිතමු, ගැහැනියෙක් පිරිමියෙක් ආදරය කරන එක, සෙක්ස් කරන එක හා සමාන ම දෙයක් වෙන්නේ. ඒ කියන්නේ, භෞතිකව අපි අතපත ගානවා, දකිනවා වගේ එතනදි අපි අතත්‍ය රූපයක් තමයි මානසිකව හදා ගන්නේ. මානසිකව තමයි දෙන්නා ඒක භුක්ති විඳින්නේ,” ඔහු පැවසීය. “සරල වශයෙන් කියනවා නම්, වර්චුවල් වල්ර්ඩ් එකේ… මම පර්යේෂණය කරපු ක්ෂේත්‍රයේ, ගොඩක් තරුණ ළමයි ස්වයං වින්දනය කරනවා. දැන් ඒකෙදි සිංහලෙන් කියන වචන, මම සමාජ විද්‍යාඥයෙක් නිසා ඒවත් විශ්ලේෂණය කළා. ඔයා ඔහෙන් [කරන්න], මං මෙහෙන් [කරන්නම්].
ඔයා මූණ පෙන්නන්න… වගේ,” ඔහු අතත්‍ය අවකාශයේ සිදුවන ලිංගික හැසිරීමකදී පුද්ගලයින් ක්‍රියාකරන ආකාරය පෙන්වා දුන්නේ ය.
ආචාර්ය මනෝජ් ජිනදාසට අනුව, කායිකව හමුවී ලිංගිකව එක්වීමට වඩා එය පහසු ය. “ඒ පහසු වීම වුණේ ඇත්තට ම මෙන්න මෙහෙම. සාමාන්‍ය භෞතික ලෝකයේදී තමන්ට ආස ම හිතෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් තමන්ට ලිංගික ආසාවක්, රොමාන්තික ප්‍රේමයක් දැනුණා ම හොයා ගන්න අපහසු යි. නමුත් මේ සෝෂල් මීඩියාවල තමන්ගේ සැබෑ ගිණුමකින් වගේ ම ෆේක් එකකින්, නැත්නම්, නිර්නාමික එකකින් ගිහිල්ලා, අරයාගෙන් අහලා බලන්න පුළුවන්.
ඩබල් චෙක් කර ගන්න. ඒ වගේ ම, වර්චුවල් එකේ තියෙන තව වාසියක් තමයි, අපිට හම්බ වෙනවා ලොකු ප්ලැට්ෆෝම් එකක් රියල් වර්ල්ඩ් එකේදී සාක්ෂාත් කර ගන්න බැරි බොහෝ දේවල් මේකෙදි සාක්ෂාත් කර ගන්න පුළුවන් නිදහසක්,” ඔහු පැහැදිලි කළේ ය. ඔහු පවසන්නේ, මෙය “මෙතෙක් කල් මානව සමාජයේ හොර රහසේ, අපහසුවෙන්, නෛතික සීමා, තාඩන පීඩන මධ්‍යයේ මානවයා පිට කළ රොමාන්තිකභාවයන් ඒ තරම් සීමාවක් නැතිව නිදහස භුක්ති විඳින අවකාශයක්,” බව ය. ඔහු එය හැඳින්වූයේ,
“සෙක්ෂුවල් ලිබරේෂන් (sexual liberation),” ලෙසිනි. Phone sex, නැතිනම් අතත්‍ය (virtual) පරිසරයක ලිංගිකව හැසිරීම වර්ධනය වූයේ සමාජ මාධ්‍ය අවකාශය පුළුල් වීමත් සමග යන්න ආචාර්ය මනෝජ්ගේ අදහස යි. නමුත් මෙය සමාජ මාධ්‍ය ආගමනයත් සමග ඇති වූ බව ඇතැම් පර්යේෂකයින් පිළිනොගන්නා බව ඔහු පැවසීය. “වුණේ සෝෂල් මීඩියා එක්ක හැමෝට ම මේක විසිබල් වුණා.
ඔච්චර කල් හංගගෙන හිටපු දේ තවදුරටත් හංගගෙන ඉන්න බැහැ. මේක තවදුරටත් කැත කතාවක්, තහනම් මාතෘකාවක් විදිහට ගන්න බැහැ,” ඔහු පැහැදිලි කළේ ය. ඔන්ලයින් ලෝකයේ ආගමනයට පෙර සිට ම පුද්ගලයින් අතර දූරස්ථව කායික එක්වීමකින් තොරව ලිංගික සම්බන්ධතා පැවති බව ආචාර්ය මනෝජ් පෙන්වා දෙයි.
ස්මාට්ෆෝන් යුගයට පෙර පැවති දුරකතන ඔස්සේ සිදුවූ සංවාද, හුවමාරු කර ගත් කෙටි පණිවිඩ මගින් ද පුද්ගලයින් යම් ආකාරයක දූරස්ථ ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව ඔහු පවසයි. ඔන්ලයින් යුගයට පෙර පැවති සමාජය වැඩිහිටි අන්තර්ගතයන් සහිත පුවත්පත් ස්වයං වින්දනය සඳහා යොදා ගත් ආකාරය ද ඔහු එහිදී සිහිපත් කළේ ය.
“ලෝකයේ මිනිස්සු බහුතරයක් මෙතෙක් සඟවා ගෙන හිටපු රුචිකත්වයන්, ආසාවන් ඉෂ්ඨ කර ගන්නවා වර්චුවල්, එහෙම නැත්නම් ෆෝන් සෙක්ස් කියන එකෙන්. ඩිජිටල් මාධ්‍යය අධ්‍යයනය තුළ මේක කතා කරන්නේ, මිනිස්සුන්ගේ අදහස්, සිතැඟියාවන්, හැඟීම් තවදුරටත් වහලා තියන්න බැහැ. ඒවා පුළුවන් තරම් අනාවරණය වෙනවා කියලා,” ඔහු තවදුරටත් පැවසීය. Phone sex කිරීමේ අයහපත් ප්‍රතිඵල තිබේ ද? ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනී, ‘ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට්’ ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රියගෙන් ද බීබීසී සිංහල මේ පිළිබඳව විමසීමක් කළේ ය. “තරල හුවමාරුවක් නැතිව, ස්පර්ශයකින් තොරව පුද්ගලයින් ලිංගික සතුටක් ලබනවා නම්, සේෆ් සෙක්ස් (safe sex) පැත්තෙන් ගත්තා ම ඒක හුඟක් ආරක්ෂාකාරී විදිහක්.
ඔන්ලයින් කරන එකෙන්, HIV, STI ඇතිවීමේ අවදානම කොහෙත් ම නැහැ,” ඇය පැහැදිලි කළේ ය. එසේ වුව ද, “ඒකෙන් තව අවදානම් තත්ත්වයන් මිලියන ගණනාවක් ඇති වෙලා තියෙනවා,” යැයි ඇය අනතුරු ඇඟවීය. ආචාර්ය මනෝජ් ද ඊට සමාන අදහසක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, වර්චුවල් අවකාශය තුළ ලිංගිකව හැසිරීම ආරක්ෂාව පිළිබඳව ගැටලු මතු කරන බව ය. “අපි කිව්වට මේක වඩා විවෘත යි කියලා, මේකෙත් සේෆ්ටි ප්‍රශ්න තියෙනව නේ. අනාරක්ෂිත තත්ත්වයන් තියෙනවා,” ඔහු පැහැදිලි කළේ ය. මෙම අවකාශය තුළ කුඩා දරුවන් – විශේෂයෙන් අවරුදු 11-18ත් අතර වර්ධන අවධියේ ඉන්න දරුවන් අපචාරයට ලක් වීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු මාතෘකාවක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ආචාර්ය මනෝජ් පවසන්නේ, වර්චුවල් ලිංගික ලෝකය බොහෝ විට මත්ද්‍රව්‍ය සමග සම්බන්ධ බව ය. “උදාහරණයක් විදිහට මේක අපේ පහුගිය කොවිඩ් සහ ආර්ථික අවපාතයත් එක්ක වැඩි වුණා,”
ඔහු වැඩිදුරටත් පැවසීය. පබා දේශප්‍රිය පෙන්වා දෙන්නේ, ඔන්ලයින් අවකාශය තුළ ලිංගිකව හැසිරීමේ ඇති ප්‍රබල ම අවදනාම “ලීක් (leak)” වීම බව ය. “ඒකෙන් තර්ජනයට ලක් වෙනවා. ඒකෙන් බ්ලැක්මේල් වෙනවා,” ඇය පැවසුවා ය. එලෙස අනතුරුදායක තත්ත්වයන්ට පත්වන අවස්ථා සහ ගොදුරු වූවන් ගණන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි දෙස බැලීමේදී ඉහළ ගොස් ඇති බව පැහැදිලි වන්නේ යැයි ඇය පෙන්වා දුන්නා ය. ‘මගේ උපදේශය නම්, කරන්න එපා‘ ගැබ් ගැනීම් සහ ලෙඩ රෝග වැළඳීමට ඇති අවදානම නොමැති වුව ද පබා දේශප්‍රිය පවසන්නේ, වර්චුවල් අවකාශයේ, නැතිනම් ඔන්ලයින් අවකාශයේ ලිංගිකව හැසිරීමෙන් වළකින ලෙස ය.
“ගොඩක් වෙලාවට කවුරු හරි කියනවා නම්, ඔයත් එක්ක යාළු වෙලා ඉන්න කෙනා හරි, කොච්චර විශ්වාස කළත්, ඔයාට ඔන්ලයින් කියනවා නම් අපි මෙහෙම කරමු, අපි සෙක්ස් වීඩියෝ එකක් ගමු කියලා, මගේ පළවෙනි උපදේශය නම් එපා කරන්න කියන එක,” ඇය අවධාරණය කළා ය. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ, භෞතික ලිංගික හැසිරීමකදී ඇති විය හැකි අවදානම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළ හැකි වුව ද ඔන්ලයින් සම්බන්ධයෙන් ගත් කල එලෙස උපදෙස් ලබා දීම සංකීර්ණ කටයුත්තක් බව ය.
“අපිට ෆිසිකල් වර්ල්ඩ් එකේ සෙක්ස් කරනකොට තියෙන රිස්ක් එක ගැබ් ගැනීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග, ආසාදන වගේ දේවල්. එහෙනම් අපිට කියලා දෙන්න පුළුවන්, කොන්ඩම් එකක් දාන්න ඕනේ මෙහෙමයි, මේවා තමයි අවදානම්, මෙහෙම කරන්න කියලා, කියලා දෙන්න පුළුවන්, ආරක්ෂිතව කරන විදිහ. හැබැයි ඔන්ලයින් සෙක්ස්වල තියෙන චැලේන්ජ් එක තමයි ආරක්ෂිතව කරන්නේ කොහොම ද කියන එක තාම අපි තේරුම් අරන් නැහැ. තාක්ෂණයේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. අපේ හැසිරීම්වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු නේ මේක කරන්නේ අන්තිමට. හැබැයි ඒකේ බලපෑම සෑහෙන ලොකු යි.
මොක ද ඇම්ප්ලිෆයි වෙනව නේ. ෂෙයාර් කරනවා,” ඇය එහි ඇති අවදානම පිළිබඳව තවදුරටත් පැහැදිලි කළා ය. කන්‍යාභාවය: ‘ගැහැනු අයගේ ලිංගික ජීවිතය සීමා කරන්න හදපු සංකල්පයක්‘ අප උදාහරණයට ගත් සිදුවීමට බඳුන් වී ඇති පුද්ගලයාගේ ප්‍රශ්නයේ මූලිකව ගැබ්ව තිබුණේ “කන්‍යාභාවය” පිළිබඳව ගැටලුවකි.
ඒ අනුව, බීබීසී සිංහල ඒ පිළිබඳව ද පබා දේශප්‍රියගෙන් විමසීය. ඇය පෙන්වා දුන්නේ, කන්‍යාභාවය යනු, “ගැහැනු අයගේ ලිංගික ජීවිතය සීමා කරන්න අපි හදපු සංකල්පයක්,” බව ය. “ලීක් කරන කල්චර් එකත් ඒක තමයි භාවිත කරන්නේ, ගැහැනු අයව බය කරන්න.
ඔයා වර්ජින් කෙනෙක් නෙමෙයි, ඔයාගේ වටිනාකම ඉවර යි. ඒ නිසා නේ නියුඩිටි එකට අපි මෙච්චර බය. මම කාත් එක්ක හරි සෙක්ස් කළා කියන එකට බය තියෙන්නේ මගේ චරිතය ඒකෙන් මනින නිසා නේ,” ඇය පැහැදිලි කළා ය. “කන්‍යා පටලය කියන්නේ, අපේ ප්‍රජනන පද්ධතියේ තියෙන සිවියක් වගේ කොටසක්. යෝනි මාර්ගයේ අඩක් හෝ සම්පූර්ණයෙන් වැහිලා තියෙන පොඩි සියුම් සිවියක්.
සාමාන්‍ය කන්‍යා පටලයක් කියන්නේ පොඩි නිකම් නියපොත්තක් වගේ. අටවක සඳට පස්සේ පායන හඳ වගේ. පනාව වගේ හඳ. ඒ වගේ කෑල්ලක් තමයි ගොඩක් වෙලාවට සාමාන්‍ය කන්‍යා පටලයක් කියලා හඳුන්වන්නේ,” සාමජයේ මුල් බැසගෙන ඇති කන්‍යා පටල මිත්‍යාව පිළිබඳව ඇය එහිදී පෙන්වා දුන්නා ය. ඇය පැවසුවේ, කන්‍යා පටලයක් නොමැතිව ඉපදුණු කාන්තාවන් ද සිටින බව ය. “සමහර කාන්තාවන් ඉන්නවා කන්‍යා පටලයක් නැතිව උපදින අය. සමහර අය ඉන්නවා සම්පූර්ණයෙන් යෝනි මාර්ගය වැහිලා තියෙන. එතකොට ඒ අයගේ පොඩි සර්ජරි එකක් කරලා ඒක අයින් කරන්න ඕනේ. නැත්නම්, ලිංගික ඇසුරක් පවත්වන්න, ඔසප් වීමේදී රුධිරය පිට වෙන්න බැරි වෙනවානේ,
” ඇය පැහැදිලි කළා ය. ‘ලේ යන්නේ නැහැ කියන එක, කන්‍යාවක් නෙවෙයි කියන එකට සාක්ෂියක් නෙවෙයි‘ බොහෝ අවස්ථාවලදී අප ලිංගිකව හැසිරීමක් ලෙස දකින්නේ, පුරුෂයෙකුගේ ශිෂ්ණයක් කාන්තාවකගේ යෝනිය මාර්ගයට ඇතුළු කිරීමෙන් (penile–vaginal intercourse) සිදු කරන ක්‍රියාවලියට බව පබා දේශප්‍රිය පෙන්වා දුන්නා ය. එලෙස ලිංගිකව හැසිරී නොමැති කෙනෙකු සමාජයේ බොහෝවිට “කන්‍යාවියක්” ලෙස හඳුන්වන බව ද ඇය පැවසුවා ය. “එයා ඒ විදිහට හැසිරිලා දකියලා බලන්න කන්‍යා පටලය ඉරිලා ලේ යනවා ද කියන එක පාවිචිචි කරනවා.
ලේ යන එක මීට කලින් සෙක්ස් කරලා නැහැ කියන එකට සාක්ෂියක් වෙන්න පුළුවන්. “හිතන්නකෝ, මම කවදාවත් ම සෙක්ස් කරලා නැහැ, මට කන්‍යා පටලයක් පිහිටලා තියෙනවා. එතකොට මගේ යෝනියට පළවෙනි වතාවට මොකක් හරි එකක් ඇතුළු වෙනකොට ඒක ඉරිලා ලේ බින්දුවක් දෙකක් යන්න පුළුවන්.” “හැබැයි ලේ යන්නේ නැහැ කියන එක, කන්‍යාවක් නෙවෙයි කියන එකට සාක්ෂියක් නෙවෙයි. මේකෙන් මේ අපි හිතනවා වගේ තේ හැන්දක් තරම් ලේ එන්නේ නැහැ. මේක ඇඟිල්ලට දැනෙන්න පුළුවන්, ලා දුඹුරු පාටට.
මේක මේ ලොකුවට ලේ බින්දු තුන හරතක් යන එකක් නෙවෙයි,” ඇය පැහැදිලි කළා ය. ඇය පෙන්වා දුන්නේ, කන්‍යාභාවය භෞතිකව නැවත ඇති කිරීමේ ක්‍රම දැන් සමාජය තුළ පවතින බව ය. “අපිට දැන් hymenoplasty සර්ජරි එකක් කරන්න පුළුවන්. කන්‍යා පටලය නැහැ කියලා හිතනවා නම්, අපේ කලවෙන් වගේ සියුම් හම කොටසක් කපලා අරගෙන ඒක සවි කරනවා යෝනි මාර්ගයට. එතකොට අපිට ලේ යන එක කරන්න පුළුවන්,” ඇය පැහැදිලි කළා ය. “එහෙම නැතිනම්, ලේ කැප්සියුල් තියෙනවා. යෝනි මාර්ගය ඇතුළට දාලා ලිංගිකව හැසිරෙනකොට අර කැප්සියුල් එකෙන් ලේ වගේ එනවා. ලේ යන එක පෙන්නන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. හැබැයි අපේ ඔළුවල තියෙන්නේ කෙනෙක් සෙක්ස් කළා ද නැද්ද කියන එකනේ. ඒකට සාක්ෂියක් නෙවෙයි, ලේ යනවා ද නැද්ද කියන එක,” ඇය තවදුරටත් පැවසුවා ය. ඇය අවධාරණය කළේ, කන්‍යාභාවය යනු අපැහැදිලි සංකල්පයක් බව ය.
“ගොඩක් අය ගුද සංසර්ගයේ යෙදෙන්න පුළුවන්, කන්‍යා පටලය බේරා ගන්න. ලංකාවේ තරුණ අය අතරේ තියෙනවා කළවා සංසර්ගය කියලා එකක්. එතකොට ගුද සංසර්ගය කළොත් කන්‍යාවියක් නෙවෙයි ද? ලිංගික බලහත්කාරකමකදී කන්‍යාභාවය නැති වෙනවා ද? අපිට ඒකත් අහන්න පුළුවන් ප්‍රශ්නයක්,” ඇය පැවසීය. යමෙකු ස්වයං වින්දනයේ යෙදීමේදී කන්‍යා පටලයට හානි විය හැකි වුව ද ඉන් කෙනෙකුගේ කන්‍යාභාවය තීරණය කළ නොහැකි බව පබා දේශප්‍රිය පෙන්වා දුන්නා ය.
“ස්වයං වින්දනය කරන එකෙන් කන්‍යා පටලයට හානි වෙන්න පුළුවන් කියලා, කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි කන්‍යා පටලය කැඩෙන එකෙන් තීරණය කරන්න බැහැ, වර්ජින් ද නැද්ද කියලා. මොක ද කන්‍යා පටලය හදාගන්නත් පුළුවන් නේ. කන්‍යාභාවය කියන එක තමන්ගේ හර පද්ධතියේ කොටසක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක රෙද්දක් එලලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි.
කාට හරි දැනගන්න ඕනේ නම් සෙක්ස් කළා ද නැද්ද කියලා, අපිට අහලා දැන ගන්න පුළුවන් සංස්කෘතියක් තියෙනවා නම් ඒක හොඳයි. ඒක බැහැර කළ යුතු දෙයක්. කන්‍යාභාවය විද්‍යාත්මකව ඔප්පු කරපු අදහසක් නෙවෙයි. ඒක පවතින්නේ, ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය පාලනය කරන්න. ඒක ඒ අයගේ මානව හිමිකම්වලට විරුද්ධයි.” ඇය වැඩිදුරටත් පැවසුවා ය.
