පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ධුරය අහිමි වෙයිද.. ධුරය දැරීමට නීත්‍යානුකූලව අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් ඉල්ලා නඩුවක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ධුරය දැරීමට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කරමින් ක්වෝ වොරන්ටෝ අයදුම්පතෙහි තර්ක විභාග කිරීම වෙනුවෙන් අභියාචනාධිකරණය 2026 අගෝස්තු 31 දින නියම කර ඇත.

කෙසේ වෙතත් මෙම කාරණය අද(02) දින අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත්ත ද විනිසුරු මඩුල්ල නිසි ලෙස පිහිටුවා නොමැති බැවින් එය කල් දැමීමට කටයුතු කළ බව සඳහන්.

අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් විසින් මෙම අයදුම්පත ගොනු කර තිබෙන අතර, ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියදී මෑත කාලීන මහ මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව පෙත්සම්කරු තර්ක කරන්නේ රජයේ සේවයෙන් ඉල්ලා අස් නොවී නාමයෝජනා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවටයි.

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා - ඇප දෙන්නත් නියෝග

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා - ඇප දෙන්නත් නියෝග

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ධුරය දැරීමට නීත්‍යානුකූලව අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් ඉල්ලා ඇති බව සඳහන්.

එමෙන්ම පෙත්සම්කරුගේ නීතිඥවරයා විසින් මෙම කාරණය හැකි ඉක්මනින් විසඳන ලෙස කළ ඉල්ලීමකට අනුව, අධිකරණය අගෝස්තු 31 වන දින නඩුවේ තර්ක ඉදිරිපත් කිරීමට දින නියම කළ අතර, එය ලැයිස්තුවේ ඉහළින්ම තැබීමට කටයුතු කළ බව සඳහන්.

මේ අතර පෙත්සම්කරු වෙනුවෙන් ෂෙනාල් ප්‍රනාන්දු සමඟ නීතිඥ එන්.කේ. අශෝක්භරන් පෙනී සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න සහ නිෂාදි වික්‍රමසිංහ යන අය පෙනී සිටි බව වාර්තා වේ.

එමෙන්ම රාජ්‍ය පාර්ශවයන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ පෙනී සිට ඇත.

බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කළින් තලපති විජේගේ රජය පෙරළෙයි.. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් එළි වෙයි

බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කළින් තලපති විජේගේ රජය පෙරළෙයි.. මුළු තමිල්නාඩුවම උණුසුම් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක් එළි වෙයි

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්

"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්