ජනතාව වෙනුවෙන් අර්චුනා ජිනීවා යයි
අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා තමාට සිදුවූ අසාධාරණයකට සහ ජනතාවට වූ අසාධාරණවලට එරෙහිව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමට තමා ලබන සතියේ ජිනීවායාමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
මීට අමතරව අන්තර් පාර්ලිමේන්තු සංගමයට ද (IPU)පැමිණිලි කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන්ද ජිනීවා ගමනේදී තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට ද ගොස් මේ පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.