මාධ්‍යයට පැන්න අරගලකරුවෙක් රටින් පනින්න ගිහින් වෙච්ච දේ මෙන්න..(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Aruna Jul 27, 2022 01:50 AM GMT
Aruna

Aruna

Report

ඊයේ(26) සවස් කාලයේදී කටුනායක පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව සිදුකළ විරෝධතාවයන්ට සමගාමීව ඊට සම්බන්ධ විරෝධතාකරුවන් පිරිසක් විසින් පසුගිය 13 වනදා ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ජාතික රූපවාහිනී සංස්ථාව වෙත ඇතුළුවී එහි සජීවීව පෙනීසිටිමින් සහ එහි විකාශන කටයුතු යම් කාලසීමාවකට අත්හිටුවීමට හේතුවූ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහු බවයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 31 හැවිරිදි වෑබඩ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පසුවන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery