තුවක්කු ආඥා පනත සංශෝධනය කරයි...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Ministry of Defense Sri Lanka Gun Shooting
By Parami Dissanayake May 23, 2024 02:51 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ගිනිඅවි බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කිරීමේ අරමුණින් තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බව සඳහන් ය.

ඒ, 1916 අංක 33 දරන තුවක්කු ආශා පනත හා 1996 අංක 22 දරන තුවක්කු සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනිඅවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කිරීම සිදු වෙයි.

කොළොම්තොට වෙසක් අසිරියෙන් හැඩවුණු තොරන් බලන්න යමු... (VIDEO)

කොළොම්තොට වෙසක් අසිරියෙන් හැඩවුණු තොරන් බලන්න යමු... (VIDEO)

මේ වනවිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ, ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ගිනිඅවි ප්‍රමාණය 34,318ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 45ක් පමණ මුදලක් මහා භාණ්ඩාගාරය වෙත බැර කෙරෙන බව ය.

RQM5HXOකාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අදාළ පනත් සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින නමුත් එම සංශෝධන සිදුකරන තෙක් අදාළ බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%