කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Oct 22, 2024 08:25 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්. සී. ඩී. එල්. සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.

 

දැනට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ආර්. එම්. පී. රත්නායක මහතා 2024-11-06 දින විශ්‍රාම ලැබීමෙන් අනතුරුව පුරප්පාඩු වන එම තනතුර සඳහා දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී. ඒ. පී. අබේසේකර මහතා පත් කිරීම.

එච්.සී.ඩී. එල්.සිල්වා මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ. එන්. හපුගල මහතා පත් කිරීම.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.


දැනට ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්. එස්.එම්.පී.රංජිත් මහතා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කිරීම.

දැනට පුරප්පාඩුව පවතින ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ජේ. එම්. එස්. ඩී. රත්නායක මහත්මිය පත් කිරීම.

රජයේ සහනාධාර මිලියන 60ක් බැංකු ගිණුම් වලට බැර කෙරේ.

රජයේ සහනාධාර මිලියන 60ක් බැංකු ගිණුම් වලට බැර කෙරේ.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.

රටම ඩිජිටල් කරන්න මිලියන ගානක වැටුප් අත්හැර ලාංකිකයෙක් ලංකාවට. - සති 2න් කරන දේ ජනපති පහදයි.