කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පත් කරයි

Report

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර ඇති බව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, මාර්තු 16 සිට වසරක කාලයක් ඔහු කාන්තා කණ්ඩායම සමග වැඩ කරමින් මෙහෙයවනු ඇති බවයි.

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

ජේමි සිඩ්න්ස්ගේ ප්‍රධාන වගකීම, එළැඹෙන ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 ICC කාන්තා T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම සූදානම් කිරීමයි.

ඔහුගේ පළමු වගකීම වන්නේ අප්‍රේල්–මැයි මාසවල සිදුකිරීමට නියමිත බංග්ලාදේශ සංචාරයයි.

ජේමි සිඩ්න්ස් 2007–2011 කාලයේ බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇති අතර, 3 වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙක් වන අතර 2015–2020 දක්වා දකුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම (රෙඩ්බැක්ස්) හා 2011–2015 දක්වා නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර තිබේ.

ඩුබායි සිට මෙහෙය වූ කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගෙ ඝාතන සැලැස්ම පොලිසිය විසින් ව්‍යර්ථ කරයි

ඩුබායි සිට මෙහෙය වූ කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගෙ ඝාතන සැලැස්ම පොලිසිය විසින් ව්‍යර්ථ කරයි