ඩුබායි සිට මෙහෙය වූ කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගෙ ඝාතන සැලැස්ම පොලිසිය විසින් ව්‍යර්ථ කරයි

Report

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට මාකොළ ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට කණ්ඩායමක් සූදානම් බවට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව මාකොළ අවට පොලිස් ආරක්ෂාව දැඩි කිරීම සඳහා පියවර ගන්නා ලදී. එම පසුබිමක, පළාත් මූල්‍ය ආයතනයකට දෙදෙනෙකු පැමිණ කළමනාකරුගෙන් විසිටින් කාඩ්පතක් ලබාගෙන, ආයතනයේ අභ්‍යන්තරය සහ පිටතය ඔවුන්ගේ ජංගම දුරකථන මඟින් රූගත කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීමක් දුටු කාන්තාවකගේ දැනුම්දීමක් මත, පොලීසිය ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කර තිබේ. පසුව පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ, එම වීඩියෝ දර්ශන "ඩුබායිහි සැඟව සිටින සංජු" නම් අපරාධකරුවා වෙත යොමු කර ඇති බවයි. සංජු, එම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා තිබූ අතර එහි සඳහන්ව තිබුණේ, "පෑලියගොඩ යුනිට් එකෙන් ඉන්නවා. ඉක්මනට පලයල්ලා" යනුවෙනි.

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

යුද උණුසුමත් ඉහළට - තෙල් මිලත් ඉහළට - ලෝකයම පීඩාවට

අදාළ මූල්‍ය ආයතනයේ කළමනාකරුගේ ඡායාරූපයක්ද සංජු විසින් තරුණියන්ට එවා ඇති බවට සඳහන් වේ. එමෙන්ම එම තරුණියන්ගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීම් වලදී ඔවුන් අනාවරණ කර ඇත්තේ, මෙම උත්සාහය කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඝාතනය සඳහා සැලසුම් වූ බවයි.

කෙසේ වෙතත්, ඔවුන් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයා මූල්‍ය ආයතනයේ කළමනාකරු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා නොවන බව සහ වැරදීමකින් මෙම පුද්ගලයා ඉලක්ක කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ආරක්ෂක වැඩපිළිවෙළ නිසා අපරාධකරුවන්ගේ උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

මැද පෙරදිග යුද ගැටුම් මැද ඩොලරයේ අගය ඉහළට

මැද පෙරදිග යුද ගැටුම් මැද ඩොලරයේ අගය ඉහළට