මේ අවුරුද්දෙ දීර්ඝායුෂ වඩවන විශේෂම නැකත අද..අනිවාර්යයෙන් අද මේදේ කරන්න..

Sri Lanka
By Aruna Apr 15, 2023 11:39 PM GMT
Aruna

Aruna

Report

උදාවූ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට (16) යෙදී තිබෙනවා.

ඒ අනුව අද පූර්ව භාග(උදෑසන) 9.41 ට රතු සහ කහ මිශ්‍ර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බියගම - හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ අතර, අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම 17 වන සඳුදා පූර්ව භාග 6.28 ට යෙදී තිබෙනවා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වුණේ.

මෙවර අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 20 වනදා පූර්ව භාග 6.38 ට යෙදී තිබෙනවා.

හෙළ සිරිතට අනුව නිදුක් නිරෝගී සුවය අරමුණු කරගත් විශේෂම නැකතක් ලෙස හිසතෙල් ගෑමේ චාරිත්‍රය හදුන්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now