පුද්ගලයින් 14කට මරු කැඳවමින්, විශාල පිරිසක් අතුරුදන් කරමින් මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටේ(විදෙස්)

By Sewvandhi Jul 09, 2023 11:40 AM GMT
Report

පුද්ගලයින් 14 දෙනෙකු ට මරු කැදවමින් ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ, අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බවය.

එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසීය.