අනේ ඇයි එහෙම?. ගොළු බිහිරි ගම්මානයක්.. පවුල් 20කින් 15ක්ම එහෙම.. මේ ගැන ඇහුවොත් ඔබ හඬා වැටෙයි..

Anuradhapura Latest Headlines
By krishani Aug 09, 2024 05:57 PM GMT
krishani

krishani

Report

අනුරාධපුරයේ අඩු පහසුකම් මැද ජීවත්වන, ගොළු බිහිරි ගම්මානයක් පිළිබඳ පුවතක් වාර්තා වේ.

අනේ ඇයි එහෙම?. ගොළු බිහිරි ගම්මානයක්.. පවුල් 20කින් 15ක්ම එහෙම.. මේ ගැන ඇහුවොත් ඔබ හඬා වැටෙයි.. | Anuradhapura Tirappanaya

ඒ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයට අයත් අංක 553 මීවැල්ලෑව ග්‍රාම සේවා තුලානේ ය.

මෙම ගම්මානය නමින් තිනිපිටිගම වේ.

මෙහි පවුල් 20කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ඉන් පවුල් 15ක පමණ උපතින්ම ගොළු බිහිරි අය සිටියි.

11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම..

11 පන්තියේ සිසුවියක් පාසලේ සිසුන් 22ක් අපයෝජනය කරලා.. අවුරුද්දක් පුරාම කරපු වැඩේ මාට්ටු වෙලා තියෙන්නෙ මෙහෙම..


ඔවුන් ඉතා අපහසුතා මැද ජීවත්වෙන අතර, ගම්මානයට පිවිසීමට හරිහමන් මාර්ගයක් නොමැති බව වාර්තා වේ.

එවැනි පසුබිමක එම ගම්මානයේ වැසියන් බීමට ජලය ලබා ගන්නේද පිටතින් පැමිණෙන ලොරි රථ මඟින් වේ.

මෙම ගම්මානයේ නිවාස කටු මැටි, ටකරන් සෙවිලිකර තනාගත් නිවාසයන් වන අතර වන අලීන්ගෙන් ද නිතර බැට කයි.

එහි වැසියන්නේ ප්‍රධාන ජීවිකාවන් වී ඇත්තේ කුලී රැකියා, සත්ත්ව පාලනය හා ධීවර රැකියාව යනාදිය වන අතර අඩු පහසුකම් යටතේ ජීවත් වන මොවුන්ට, ආබාධිත දීමනා වශයෙන් රජයෙන් රුපියල් 5,000ක මුදලක් හිමි වේ.

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, සිය ජීවිකාව ගැටගසා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොමැති බැවින් ඔවුන්, කුලී රැකියා සොයා ගිය ද බොහෝ දෙනෙකු ගොළු බිහිරි වීම නිසා කුලී රැකියාවක්වත් ලබා නොදෙන බව ද වාර්තා වේ.

ReeCha