අනුරාධපුර වෙළඳසලකත් ගින්නක් - ඇවිලුණු ගින්න රතිඤ්ඤායි ගිණිකෙළියි පිපිරීමෙන් වේගෙන් පැතිරෙයි
අනුරාධපුර කඩ 50 ප්රදේශයේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවිසලක අද (24) දින පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් එකකයේ නිලධාරීන් පැමිණ කඩිනමින් ගින්න පාලනය කිරීම හේතුවෙන් එම වෙළඳසල මෙන්ම අවට වෙළඳසල්වලට ගින්න පැතිරී යාම වළක්වා ගැනීමට හැකි වි ඇති බව වාර්තා වේ.
එමෙන්ම එම වෙළඳසල තුළ අවුරුදු සමයේ අලෙවිය සඳහා ගෙනැවිත් ඉතිරි වී තිබූ රතිඤ්ඤා ඇතුලු ගිණිකෙලිද තිබී ඇති අතර ගින්න සමඟ ඒවාද පුපුරා යාමෙන් ගින්න තවත් පැතිර යාම වේගවත් වි ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
එසේම ගින්නට හේතුව විදුලි කාන්දුවක් වන්නට ඇති බවට සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.