මෙච්චරකල් සංගීත කලාව හොල්ලපු භාතිය සන්තුෂ්ගෙන් තවත් අලුත් වැඩක් - තට්ටු 55ක් උඩ තියෙන කොළඹම පිස්සු වට්ටපු රස[PHOTOS]

Report

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඇහෙන නම් අතර ඉහළින්ම තියෙන නම් දෙකක් තමයි භාතිය සහ සන්තුෂ් කියන්නේ.

ලංකාවේ හඬ ජාත්‍යන්තරයට ගෙන ගිය මේ දෙන්නා ඔන්න තවත් වැඩකට අලුතෙන් මුල පුරන්නයි යන්නේ.

හැබැයි මේක සංගීත ලෝකේ වැඩක් නම් නෙවෙයි.

ඒ නිසාම රසිකයෝ මේ ගැන ටිකක් වැඩිපුර උනන්දුයි කියලා තමයි ආරංචිය.

ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා

ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා

කොහොම වුණත් මේ දෙන්නා මෙච්චර කල් සංගීතයෙන්නේ රසිකයන්ගේ කන් පිරෙව්වේ. ඔන්න දැන් බඩත් පුරවන්නලු ලෑස්තිය.

ඒ වැඩේ තමයි Char Coal කියන්නේ.

ලාංකික ඔබට ප්‍රණීතවත් අත්දැකීමක් විඳගන්නට හිමිවන තවත් එක් අවස්ථාවක් කියලා තමයි Char Coal ගැන කියන්නේ.

මුළු කොළඹම සුන්දරත්වය විදින ගමන් තට්ටු 55ක් උස ගොඩනැගිල්ලක ආහාර වේලක් රස විඳින්න, Char Coal හරහා ඔන්න දැන් ඉඳන් පුළුවන්කම තියෙනවා.

ඒ වගේම මේ අලුත්ම අවන්හල අපේ සංගීත ලෝකයේ දැවැන්තයින් දෙදෙනෙක් වෙන භාතිය සහ සන්තුෂ් දෙදෙනාගේ සංකල්ප‍යක් මත නිර්මාණය වූවක් බවත් සඳහන්.

ඉන්දියාව අතහැර ලංකාවට ආවේ ඇයි? දුශේනි මියුරංගි මෙරට වාසනාවන්තම නිළිය වූ රහස මෙන්න

ඉන්දියාව අතහැර ලංකාවට ආවේ ඇයි? දුශේනි මියුරංගි මෙරට වාසනාවන්තම නිළිය වූ රහස මෙන්න

ඒ විතරක් නෙවෙයි තායිලන්තයේ නොයා ලංකාවේ ඉඳන්ම තායිලන්තයේ ප්‍රසිද්ධ අවන්හල් ජාලයක අත්දැකීමක් මෙහිදී ඔබට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒවගේම රාත්‍රියේදී සහ දිවා කාලයේදී අපූරු අත්දැකීමක් විඳගන්න මෙහි එන ඔබට අවස්ථාව හිමිවෙන අතර, සංගීතය රසවිඳින ගමන් ආහාර ලබාගන්නත් මෙහිදී අවස්ථාව සැලසෙනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 

ඉතින් කියන තරම්ම මේ අත්දැකීම හොඳද බලන්න නම් සංගීතයට වගේම කෑමටත් කැමති ඔයාට ගිහින්ම තමයි බලන්න වෙන්නේ.

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

GalleryGalleryGallery