වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්
වෙසක් සතිය 2026 මැයි 27 දින සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කර ඇති බැවින් 2026 මැයි 02 දින ලබාදුන් රජයේ නිවාඩුව 2026 මැයි 31 ලෙස සංශෝධනය විය යුතු යැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවය 2026.05.27 මාතර දිස්ත්‍රික්කයේ මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර ඊට සමගාමීව වෙසක් සතිය තුළ දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන අධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් අර්ථවත් හා ඵලදායි වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.
දිවයින පුරා ඇති සියලුම විහාරස්ථාන, දහම් පාසල්, පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයත්යා ආශ්‍රිතව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලවල පූර්ණ මාර්ගෝපදේශකත්වයෙන් යුතුව වෙසක් සතියෙහි ක්‍රියාත්මක කිරීමට යෝජිත පහත සඳහන් කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි.