ඝාතනයකින් කෙළවර වූ මත්පැන් සාදය..
By Sewvandhi
අනුරාධපුර, සීප්පුකුලම ප්‍රදේශයේ දී අද (24) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර මෙම ඝාතනය සිදුව ඇති බවය.
මෙහිදී, සාදය අතරතුර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී පහරකෑමට ලක්වූ පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.ඊයේ (23) දහවල් මියගිය පුද්ගලයාගේ සහෝදරයා ඇතුළු පුද්ගලයින් පිරිසක් කාලයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එයට සහභාගී වු පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇත.
ඔවුන් දෙදෙනා විශ්‍රාමික හමුදා නිලධාරීන් බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.