අනුර මට බැන බැන සජිත්ට හොඳ කියනවා - රනිල් කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් ලෙස පළාත් පාලන ඡන්ද විමසීම යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ බවයි.
එමෙන්ම, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා තමාට විවිධ කරුණු පදනම් කරගෙන චෝදනා කරන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හොද කියන බවත් ඔහු සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“මාලිමාවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් හැටියට මෙය යොදා ගන්නා ලෙස ජනාධිපති කියා තිබෙනවා.මේ මාස අටේ නවයේ හොඳට වැඩ කරලා තියනවා කියලත් කියනවා. දැන් ලංකාවෙ හැම කොනටම ගිහින් කරපු වැඩ ගැන කතා කරනවා. ඊළඟට මට බනිනවා.විපක්ෂ නායකතුමාට හොඳ කියනවා. මෙහෙම ඡන්දයක් නම් මම දැකලා නෑ. මම තරඟ කරන්නෙත් නෑ. ප්‍රසිද්ධ රැස්වීම් වල කතා කරන්නෙත් නෑ.දැනුවත් කිරීමේ රැස්වීම් දෙක තුනක විතරයි කතා කරන්නේ. මැයි දින සැමරුමත් එනවා.ආණ්ඩුවේ අය ගෝල් පේස් පිටියේ එය කරන්නට යන බව කියනවා. දේශපාලන වැඩ වලට ගෝල් පේස් පිටිය දෙන්නේ නැතැයි අප එදා තීරණය කර තිබුණා. ඒකට ඔක්කොම පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාවය කඩනවා.මේ ප්‍රතිපත්තිය මොකක්ද? විශාල රැස්වීමක් තියලා අපිට ප්‍රයෝජනයක් නෑ.ඡන්දෙට කලින් අන්තිම නිවාඩු දවස මැයි පළවෙනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කරන්න අප තීරණය කර තිබෙනවා.හය වෙනිදා ඡන්දය දුන්නාම අපේ ශක්තිය පෙන්වන්න පුළුවන් “
