බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් - බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරයේදි ජනාධිපති අනුර කියයි

Report

අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කළ නොහැකි බවත්, ඒ සඳහා ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බුද්ධ දේශනාව තුළින් බුදු දහම කෙතරම් ප්‍රායෝගික දර්ශනයක් ද යන්න අවබෝධ කරගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (28) කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී බුද්ධ දේශනාවේ කරුණු උපුටා දක්වමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ එරට පාලකයන්ගේ ක්‍රියාකලාපය මත බවයි. “පාලකයා ධාර්මික වෙනවා නම්, පාලකයා ප්‍රතිපත්තිගරුක වෙනවා නම් රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. පාලකයා දූෂිත වෙනවා නම්, අධාර්මික වෙනවා නම් මුළු රටම අරාජික වෙනවා. මේ කාරණය සකලවිධ රාජ්‍යයන්ට අදාළයි.

''හොරකම් කරලා නාස්ති කරලා... අධිවේගී මාර්ග මම හිතන්නේ 10ක් විතර හදන්න තිබිච්ච ඒවා'' - බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක්

''හොරකම් කරලා නාස්ති කරලා... අධිවේගී මාර්ග මම හිතන්නේ 10ක් විතර හදන්න තිබිච්ච ඒවා'' - බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක්

ඒ නිසයි බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත්වන්නේ” යැයි ජනාධිපතිවරයා පැවසීය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් නාගානන්ද අධ්‍යයන ආයතනය විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරුණු අතර, අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උත්සවය නිල වශයෙන් ආරම්භ විය.

1966 වසරේදී ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන අරමුණ ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමයි.

ඒ සඳහා රටවල් 50ක් නියෝජනය කරමින් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 11 වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට (29) සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ඇහැළියගොඩදී වෑන් රථයකට පොලිස් වෙඩි - කොල්ලකෑමේ සැකකරුවෙකුට තුවාල

ඇහැළියගොඩදී වෑන් රථයකට පොලිස් වෙඩි - කොල්ලකෑමේ සැකකරුවෙකුට තුවාල