1983 කළු ජූලි ඛේදවාචකය ගැන සොයන්න 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Report

1983 කළු ජූලි ඛේදවාචකය සහ එහි බලපෑම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම විශේෂ කාරක සභාව පත්කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (28) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

1983 කළු ජූලි සිදුවීමෙන් ඇති වූ බලපෑම් පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම මෙම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම, ජාතික සහජීවනය තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම එම සිදුවීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් වන යෝජනා සහ නිර්දේශ ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම කාරක සභාවට පැවරී තිබේ.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026