ඇහැළියගොඩදී වෑන් රථයකට පොලිස් වෙඩි - කොල්ලකෑමේ සැකකරුවෙකුට තුවාල
By Kanchana
කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් වෑන් රථයකින් පලායමින් සිටියදී ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේදී පොලිසිය අද (28) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලිසිය විසින් අදාළ වෑන් රථය ලුහුබැඳ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා පොලිස් භාරයට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් කිහිපදෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.