නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලානයේ කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය සමග අවසන් සටනට සැරසෙයි
2026 ආසියානු කුසලාන නැගී එන ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර හෙට (29) පැවැත්වීමට නියමිතය.
කටාර්හි දෝහා නුවර West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
රී ලංකා A කණ්ඩායම පවන් රත්නායකගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර, පාකිස්තාන A කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ අබ්දුල් සමද් විසිනි.
ශ්‍රී ලංකා A සංචිතය: පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, ජනිත් ලියනගේ, චාමික හීනටිගල, රවිඳු ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, ශරූජන් ශන්මුගනාදන්, සිනෙත් ජයවර්ධන, නිපුන් ධනංජය, විජයකාන්ත් වියස්කාන්ත්, ළහිරු සමරකෝන්, වනුජ සහන්, දුවිඳු රණතුංග, ගරුක සංකේත් සහ දුලාජ් සමුදිත.
පාකිස්තාන A සංචිතය: අබ්දුල් සමද් (නායක), අහමඩ් ඩැනියල්, ඩැනිෂ් අසීස්, ෆර්හාන් යූසෆ්, හයිදර් අලි, හසන් නවාස්, මොහොමඩ් ඉම්රාන් රන්ධාවා, මාස් සදාකත්, මොහොමඩ් හස්නයින්, රොහයිල් නසීර්, සාද් මසූද්, ෂහ්සයිබ් ඛාන්, ෂමිල් හුසේන්, සුෆියාන් මොකීම් සහ අලි රසා. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට 2026 ආසියානු කුසලාන නැගී එන ක්‍රීඩකයන්ගේ ශූරතාව හිමිවනු ඇත.