2027 වසර ශ්‍රී ලංකාවට සහ චීනයට සුවිශේෂී වන්නේ ඇයි? - අගමැතිනි හරිනි හෙළි කරයි

Report

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය සියවස් ගණනාවක් පුරා පැවත එන සංස්කෘතික සබඳතා, අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අපේක්ෂාවන් මත ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

චීන මාධ්‍ය සමූහය (China Media Group – CMG) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කළ ‘The Heritage Guardian’ වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (27) කොළඹදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“Cherishing Our Silk Road Bond, Sailing Together towards New Horizons” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන අග්‍රාමාත්‍යවරිය සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී මෙන්ම චීන මාධ්‍ය සමූහයේ සභාපති ෂෙන් හයිෂියොන්ග් මහතාගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් එළිදක්වා තිබේ.

2027 වසර ශ්‍රී ලංකාවට සහ චීනයට සුවිශේෂී වන්නේ ඇයි? - අගමැතිනි හරිනි හෙළි කරයි | Pm Highlights Sri Lanka China Cultural Ties

මේ වනවිට එම වැඩසටහන භාෂා තුනකින් ප්‍රධාන මාධ්‍ය වේදිකා ඔස්සේ විකාශය කෙරෙන අතර, එළිදැක්වීමට සමගාමීව තවත් වැඩසටහන් මාලාවක් ද හඳුන්වා දී ඇත.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු ඓතිහාසික ස්මාරක සහ ස්ථාන සංරක්ෂණය කිරීමට පමණක් සීමා නොවන බවයි. විවිධ අනන්‍යතා, වටිනාකම්, සම්ප්‍රදායන් සහ අත්දැකීම් අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම ද ඊට ඇතුළත් වන බව ඇය අවධාරණය කළාය.

එමෙන්ම, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීමත්, ඓතිහාසික රබර් සහල් ගිවිසුමට වසර 75ක් සපිරීමත් හේතුවෙන් 2027 වසර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ සුවිශේෂී වසරක් වනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එම සුවිශේෂී අවස්ථා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය යළි සිහිපත් කිරීමට මෙන්ම පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර අලුත් කිරීමට ද අවස්ථාවක් සලසන බව ඇය පෙන්වා දුන්නාය.

පාසල් නිල ඇඳුම් ලබාදීම ඇතුළු ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහාය වෙනුවෙන් චීන රජයට ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, 2025 ජනවාරි මාසයේදී ජනාධිපතිවරයාගේ චීන රාජ්‍ය සංචාරය අතරතුර මාධ්‍ය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බවද සිහිපත් කළාය.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අයවැය විවාදයේ 6 වන දිනය අද

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අයවැය විවාදයේ 6 වන දිනය අද

සංස්කෘතික උරුමයන් සුරැකීම, දෙරට අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සහ සහයෝගීතාව පුළුල් කිරීම වෙනුවෙන් චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ඇය යළිත් තහවුරු කළාය.

මේ අතර, චීන මාධ්‍ය සමූහයේ සභාපති ෂෙන් හයිෂියොන්ග් මහතා සඳහන් කළේ දෙරට අතර දිගුකාලීන සංස්කෘතික සබඳතා සහ අත්දැකීම් වර්තමානයේ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාවක් ගොඩනැගීම සඳහා පදනමක් සපයන බවයි.

ඓතිහාසික රබර් සහල් ගිවිසුම සිහිපත් කළ ඔහු, කෘෂිකර්මාන්තය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස චීනය තුළ ප්‍රවර්ධනය කිරීමටත්, මෙරටට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමටත් චීන මාධ්‍ය සමූහය කැපවී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

1983 කළු ජූලි ඛේදවාචකය ගැන සොයන්න 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

1983 කළු ජූලි ඛේදවාචකය ගැන සොයන්න 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම වැඩසටහන දෙරට අතර සහයෝගීතාව සඳහා නව මංපෙත් විවර කරනු ඇති බවයි.

එමෙන්ම, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පෙන්වා දුන්නේ චීනය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය තවදුරටත් ඉහළ නැංවීමට මෙම වැඩසටහන වටිනා අවස්ථාවක් වන බවයි.

චීන සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින කැපවීමද ඔහු යළිත් තහවුරු කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියෑං මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, විද්වතුන් සහ මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.

මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි

මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි