රටවල් 50කින් භික්ෂූන් වහන්සේලා 5,000ක් ලංකාවට - ලෝක බෞද්ධ සංඝ කවුන්සිලයේ 60 වැනි සංවත්සරය අද ඇරඹෙයි

Report

ලෝක බෞද්ධ සංඝ කවුන්සිලයේ (WBSC) 60 වැනි සංවත්සර සැමරුම් උත්සවය සහ 11 වැනි මහා සම්මේලනයේ දෙවන විධායක කමිටු රැස්වීම අද (28) ශ්‍රී ලංකාවේදී ආරම්භ විය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, භූතානයේ රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට ද ඒ සඳහා විශේෂ ආරාධනා කර තිබේ.

රටවල් 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ථේරවාද, මහායාන සහ වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායන්ට අයත් භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා 5,000කට ආසන්න පිරිසක් මෙම සම්මේලනයට සහභාගී වීමට නියමිතය.

මීට අමතරව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ 500 නමක් සහ දේශීය හා විදේශීය ගිහි නියෝජිතයන් 800කට ආසන්න පිරිසක් ද ඊට එක්වීමට නියමිතය.

1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ කවුන්සිලයේ පෙර සම්මේලනය 2024 වසරේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී පැවැත්විණි.

මේ අතර, 60 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් විශේෂ පූජා වැඩසටහනක් නොවැම්බර් 30 වැනිදා සන්ධ්‍යාවේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම, දෙසැම්බර් 1 වැනිදා ද විශේෂ ආගමික වතාවත් මාලාවක් සංවිධානය කර ඇති බව සඳහන් වේ.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්