දකුණු කොරියාවේ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මරුට
දකුණු කොරියාවේ හ්වාසොං-සි (Hwaseong-si) ප්‍රදේශයේදී නොවැම්බර් 26 වැනිදා සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය තහවුරු කරයි.
සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව, අනතුර සිදුව ඇත්තේ එදින රාත්‍රී 9.00ට පමණ හ්වාසොං-සි හි ජංගන්-මියොන් ප්‍රදේශයේදීය.
මියගිය පුද්ගලයන් දෙදෙනා ගොඩකවෙල, රන්වල පදිංචි 39 හැවිරිදි දෙහිපිටිය විදානලගේ අනිල් කුමාර විජේරත්න සහ වලපනේ, හල්ග්‍රානොය පදිංචි 31 හැවිරිදි මහේශ්වරන් ප්‍රසන්තන් ලෙස හඳුනාගෙන තිබේ.
අනතුර පිළිබඳව හ්වාසොං සොබු පොලිසිය විසින් නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇත.
මේ අතර, මියගිය දෙදෙනාගේ දේහයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දකුණු කොරියානු බලධාරීන් සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.