මධ්‍යම අධිවේගී මාර්ගයෙන් සහ පිටත වටරවුම් මාර්ගයෙන් ලැබුණු ආදායම මෙන්න - අධිවේගී මාර්ගවල සම්පූර්ණ ආදායම් වාර්තාව එළියට
By Kanchana
2025 ජනවාරි සිට 2026 ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 27,581.40ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 11,486ක් ද, මධ්‍යම අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 7,282ක් ද, කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 2,560.05ක් ද උපයා ඇති බවයි.
මීට අමතරව, පිටත වටරවුම් අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 6,251ක ආදායමක් උපයා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.