බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි යාවත්කාලීන කිරීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක්

Report

බන්ධනාගාර ආඥා පනත යටතේ සකස් කර ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර අද (08) දහවල් පැවැති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයකට අනුව මෙම කමිටුව පත් කිරීමට පියවර ගෙන ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

මෙම කමිටුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.

මුහුද රළු වෙයි - රටම කළඹමින් කැළඹෙන මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුද රළු වෙයි - රටම කළඹමින් කැළඹෙන මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

බන්ධනාගාර ආඥා පනතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කර, වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය මෙන්ම ප්‍රායෝගික අවශ්‍යතාවලට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම කමිටුව පත් කර තිබේ.